ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වෙනි යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් වීමට බොහෝ සේ ඉඩ ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 

වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ ගේ සේවා දිගුව දෙසැම්බර් මස තිස් එක් වැනිදා අවසන්වීමට නියමිත අතර මේජර් ජෙනරාල් සංජය වනසිංහ ඊට පෙර එනම්, ඔක්තෝබර් මාසයේ 13 දින විශ්‍රාම යෑමට නියමිතව ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා සංජය වනසිංහ ට සේවා දිගුවක් ලබා දී විකුම් ලියනගේ ගෙන් පසුව ඔහුව යුධ හමුදාපති කිරීමට තීන්දුකර ඇතැයි රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 

ඔහුගේ සේවා කාලය තුළ කිසිදු දූෂණ ක්‍රියා මාර්ගයකට සම්බන්ධ නොවීමත් කිසිදු විනය කඩ කිරීමක් සිදුකර නොතිබීමත් ඊට හේතුව බව පැවසේ. 

සංජය වනසිංහ කියන්නේ කවුද ?

මේජර් ජෙනරාල් සංජය වනසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි පාඨමාලා අංක විසි හතේ තුන්වැනි ස්ථානය ලබාගෙන සිටි නිලධාරියෙකි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු බලඝණයට අයත් නිලධාරියෙකු වන ඔහු, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුධ හමුදාපතිව සිටි සමයේ සැඟවුණු තුවක්කුකරුවන් හෙවත් නයිෆ් ස්නයිෆර් වෙඩික්කරුවන්ගේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ ය. 

ඔහු නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමිෂන් ලැබීමෙන් පසුව එංගලන්තයේ සෑන්ඩර්ස්විට හමුදා විද්‍යා පීඨයට ඇතුළත් විය. 

ආර්. ප්‍රේමදාස ජනාධිපතිව සිටි එම වකවානුවේ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය දෙරට අතර බලවත් අර්බුදයක් මතුවිය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ව සිටි ඩේවිඩ් ග්ලැස්ටන් රටින් පිටුවහල් කිරීමට නියෝග කිරීම ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර තිබු හොඳ හිත පළුදු වීම හේතුවිය. එම තත්ත්වය යටතේ ලුතිනන් වනසිංහ ට ද පෙරලා ලංකාවට පැමිණීමට සිදුවූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

IMG 0631

IMG 0632
මේජර් ජෙනරාල් සංජය වනසිංහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. 

එමෙන්ම ඔහු හිටපු යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ගේ වැඩිමහල් පුත්‍රයාය. 

සංජය වනසිංහ යුද හමුදාපති ධුරයට පත් වුවහොත් එය ලෝක වාර්තාවක් වියහැකි බව යුද හමුදා හමුදා විශේෂඥයන් පවසති. එයට හේතුව පියෙක් සහ පුතෙක් දෙදෙනාව යුධ හමුදාපති ධුරය ඉසිලූ රටක් වාර්තා නොවන බැවිනි. 


(රුවන් වීරකෝන්)
ආරක්ෂක වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image