නැගෙනහිර පළාතේ බෞද්ධයන් නොමැති ප්‍රදේශයක ප්‍රාදේශිය සභා අනුමැතියකින් තොරව

අලුතින් ඉදි කෙරෙන බෞද්ධ විහාරයකට විරෝධය පාමින් දෙමළ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් දියත් කළ උද්ඝෝෂණයකට නායකත්වය දුන් සංවිධානයක් අධිකරණය විසින් මුලධර්මවාදී ලෙස හඳුන්වා තිබේ.

බොරළුකන්ද විහාරස්ථානය සමීපයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගැනීම හේතුවෙන් අධිකරණ නියෝගය බල පැවැත්වෙන සීමාවෙන් පිටත උප්පුවේලියේ විරෝධතා කරුවන් උද්ඝෝෂණය දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

නිලාවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් නිශාන්ත කුමාර අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත්වරිය දෙමළ ජනතා නියෝජිතයන් තිදෙනකු ඇතුළු14 දෙනකුගේ නම් සඳහන් කරමින් නියෝග කර තිබුනේ සැප්තැම්බර් 3 හෝ ඊට ආසන්න දිනයකදී ත්‍රිකුණාමලය නිලාවේලි පොලිස් වසමේ 6 කනුව, ඉලුප්පුකුලම් බොරළුකන්ද විහාරස්ථාන භුමිය ඉදිරිපිට මාර්ගයේ හා ඒ අවට ප්‍රදේශයේ එක්රැස්වීමෙන් වළකින ලෙසත් විරෝධතා නොපවත්වන ලෙසයි.



දර්ශණී අන්නදුරෙයි අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළ එම අධිකරණ දැක්වෙන 14 දෙනා අතරින් තමිල් පේරවෙයි සංවිධානයේ නියෝජිතයන් දෙදෙනෙකුද වේ. අධිකරණය නියෝගයේ එම සංවිධානය හදුන්වා ඇත්තේ 'මූලධර්මවාදී සිවිල් සංවිධානයක්' ලෙසිනි.



dfsfsdf



බෞද්ධයෝ නැති ප්‍රදේශයේ බෞද්ධ විහාර මොකටද, පෙරියකුලම් විහාරයේ ඉදිකිරීම් කටයුතු නවත්වනු, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව බුද්ධාගමට විතරක්ද, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ජාතිවාදය අවුස්සන්න එපා. ආදී සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතා දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

“එපා, එපා ජාතිවාදය එපා” යනුවෙන් සිංහලෙන් ලියවුනු සටන් පාඨ පුවරුවක්ද ඒ අතර වෙයි.

{gallery}protest NW{/gallery}

විරෝධතාවයට එක්ව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් චෝදනා කළේ බෞද්ධයන් නොමැති භුමියක බෞද්ධ විහාර ඉදිකිරීමේ සැලසුම එම ප්‍රදේශයේ සිංහල ජනතාව පදිංචි කරවිමේ ආරම්භයක් බවයි.

"හදමින් ඉන්න විහාරයේ විහාරාධිපති කියලා තියනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් සහ තමන් ඉදිකරන විහාරය අතර කිසිදු සම්බන්ධයක් නෑ කියලා. එහෙම පුරා විද්‍යාවට සම්බන්ධයක් නැ කියලා විහාරාධිපති කියලා තියේදිදී ඇයි සිංහල මිනිස්සු නැති ප්‍රදේශයක විහාරයක් හදන්නේ. ඒ කියන්නේ දෙමළ ජනතාවගේ සහ දෙමළ කතා කරන ජනතාවගේ භුමිය බලෙන් අරන් සිංහල ජනතාව පදිංචි කිරීමට පදනම හදනවා."



දෙමළ බෞද්ධයෝ

දෙමළ ජනතාවගේ භුමියේ බෞද්ධ විහාර ඉදිකරමින් ආණ්ඩුව සැලසුම් සහගත ලෙස ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරතව සිටින බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ තරුණ බලකායේ නායක ක්‍රිෂ්ණපිල්ලේ ශ්‍රී ප්‍රසාද් එහිදී චෝදනා කළේය.

" මීට අවුරුදු 15 කට කලින් එම ස්ථානයේ නාග තම්බිරාන් කෝවිලක් තිබ්බා. මාත් ඒක වන්දනා කරලා තියනවා. නිදන් ගන්න උත්සාහ කරනකොට ඒක කඩලා තියනවා. ඒක කඩලා දාලා දැන් ඇවිල්ලා චෛත්‍යයක් තියනවා කියන එක අනුමත කරන්න බෑ. එතන සමහර ඉදිකිරීම් තියනවා. කොහොම උනත් ඒවා සිංහල බුද්ධාගමට අයිති ඒවා නෙමෙයි. එහෙත් දෙමළ බෞද්ධයෝ ජීවත් වෙලා තියනවා. මේක ගැන කිසිදු අධ්‍යයනයක් කරලා නැහැ. මේක දෙමළ ජනතාවට කරන අසාධාරණයක්. මෙතන අධ්‍යයනය කරන්නේ නැතුව ආණ්ඩුව පර්චස් 26 ක් බෞද්ධ ආරාමයක් ඉදි කිරීමට බෞද්ධ භික්ෂුවකට අවසර දීලා තියනවා. මේක ආණ්ඩුව සැලසුම් කරලා කරන ප්‍රචණ්ඩ ක්‍රියාවක්. "



ජනතා විරෝධය නිසා ත්‍රිකුණාමලය බොරළුකන්ද විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයාට එරෙහිව අගෝස්තු 28 වැනි සඳුදා පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ත්‍රිකුණාමලය ශාසනාරක්ෂක බල මණ්ලය හා ගෝකන්න පුර සුරැකීමේ සංවිධානයේ සංවිධානත්වයෙන් විරෝධතාවයක් දියත් කර තිබු අතර එහිදී පොල්හේන්ගොඩ උපරතන නාහිමියන් ඇතුළු තවත් හිමි නමක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) රැස්වීමට කඩාවැදී ආණ්ඩුකාරවරයාට තර්ජනය කර තිබුනි.




එහිදී ඇති වු තත්වය පැහැදිලි කරමින් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන් මාධ්‍ය වෙත පවසා තිබුනේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නොමැතිව ඉදිකිරීම් සදහා අවසර ලබා දිය නොහැකි බවයි.

“ගරු ස්වාමීන්වහන්සේට මම පැහැදිලි කරලා තියෙනවා, ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නැතිව මේ කන්ස්ට්‍රක්ෂන් එක දෙන්න බෑ කියලා”

ඊට පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් තිඹිරිවැව රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පොල්හේන්ගොඩ උපරතන නායක හිමියන් සදහන් කර තිබුනේ බොරළුකන්ද රජමහා විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බවයි.

"ඔබතුමා ප්‍රකාශයක් කරා ඇතුල් වෙන්න අවසර දුන්නා. ඉදිකිරීම් කරන්න අවසර දුන්නේ නෑ කියලා. ඔබගෙන් ඉදිකිරීම් වලට අවසර අවශ්‍ය නෑ ආණ්ඩුකාර තුමනි. ප්‍රාදේශිය සභා පනතේ පන්සලක් හදන්න ප්‍රදේශිය සභාවෙන් අනුමැතිය ගන්න කියලා සටහන් වෙලා නෑ. ඔබතුමා හොදට පනත කියවලා බලන්න. මේ පුජනිය ස්ථාන සියල්ලම බද්දෙන් නිදහස් කරලා තියනවා. ආගමික ස්ථාන බද්දෙන් නිදහස් කරලා තියනවා. බද්දෙන් නිදහස් කරාට පස්සේ ඒ ආගමික ස්ථාන ගොඩ නගන්නට තියෙන්නේ අපිට ඕනේ විදිහට. කෝවිල හදන්නේ පුජකයට ඕනේ විදිහට. පන්සල හදන්නේ හාමුදුරුවන්ට ඕනේ විදිහට. මේ දෙකම හදන්න ආණ්ඩුකාරතුමාගෙන් ගිහිල්ලා අවසර ගන්න අවශ්‍යතාවයක් නැ. අවසර ගන්න එන්නෙත් නැ. අපිට අවසර ඕනෙත් නැ. අපේ පන්සල අපි ගොඩනගනවා.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image