ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

හමුවී ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පොදු ගමනක් යාම සඳහා එකඟත්වය පළ කළ බව විපක්ෂනායක මාධ්‍ය එකකය පවසයි.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමු වූ නවරත්න,  ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සහයෝගය පළ කරන බව සඳහන් කර තිබේ.  

අසංක නවරත්න මන්ත්‍රීවරයා සමග ඔහුගේ ක්‍රියාකාරීන් පිරිසක්ද විපක්ෂ නායකවරයා හමුවී සහයෝගය පළ කළේය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුන අසංක නවරත්න, පසුගිය මාස කිහිපයෙහි පාර්ලිමේන්තුව තුළදී ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

 {gallery}Asanka-Sajith{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image