මේ වගේ ආණ්ඩුවක් බේරගන්න එකතු වෙනවනම් එකතු වෙන්නේ හොරු පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි. 

ඔහු එබව කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි අද (06) දිනයේ ආරම්භවූ විශ්වාසභංග විවාදයේදීය. 

ඔහු සභාව අමතමින් තවදුරටත් මෙසේද පැවසිය. 

''හොරකම් කරපු ඇමැතිවරු සල්ලි විසිකරලා දිනයි''

'' සෞඛ්‍ය අමත්‍යවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාව ස්ථිර කරන ගමන් මට එක කාරණයක් විශේෂයෙන් කියන්න අවශ්‍යයි. බාල බෙහෙත් නෑ කියලා කියන්න, මාධ්‍ය සංදර්ශන තියන්න මාධ්‍ය ආයතන වලට හොදට වියදම් කරනවා...එහෙම කියන්නේ කොහොමද , NMR සභාපතිම පිළිගන්නවා බාල බෙහෙත් තියනවා කියලා..

අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය 120 සහ තවත් බෙහෙත් වර්ග 320 රටේ නෑ.. සෙපියුලික්සන් බෙහෙත ගෙන්න හදන කොට තත්වය බාල නිසා ජනපති මැදිහත් විමෙන් නැවත්තුවත්, හදිසි මිලදි ගැනිමක් කරලා රුපියල් මිලියන 1200 ට ගෙනවා මිලියන 500 විතර පාඩුයි කියලා ගනන් බලලා තියෙනවා..මේ විදිහට මට ෆයිල් එකක්ම තිබෙනවා...සෞඛ්‍ය අමත්‍යංශයේ දුෂණ  වංචා සදහන් වෙලා තියන. 

 

NMR  එකට පත්කරන්න ඕන කට්ටියව පත්කරන්න ඕන පිරිසව පත්නොකර ගෙම්ගහපු හැටි කියන්න පුලුවන්, වැක්සින් එකෙන් කොමිස් ගහපු හැටි කියන්න පුලුවන් සෞඛ්‍ය අමත්‍යවරයාට විතරක් නෙමෙයි මුලු ආණ්ඩුවටම එරෙහිව විශ්වසභංගය ගෙන්න ඕන. මේ වගේ වංචාකාර නාස්තිකාර අණ්ඩුවක් කොහෙවත් නෑ.. මේ වගේ ආණ්ඩුවක් බේරගන්න එකතු වෙනවනම් එකතු වෙන්නේ හොරු. 

 

මම කෝප් කමිටුවෙන් ඉල්ලිමක් කරා පෙට්රොලියම් එකේ සිදුවන වංචා දුෂණ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ...එම ඉල්ලිම සිදුකර අද වන විට වසරක් ගත වුනත් අද වනතුරුම කිසිදු විමර්ශන කැඳවීමක් සිදුකර නෑ.

රටේ ජනාව බදු බරින් ණය බරින් මිරිකිලා, ලයිට් බිල් වතුර බිල් අහස උසට...මේ රටේ ජනතාවගේ ඊරි මාංශ උරා බොනවා මේ අණ්ඩුව. 

 ආණ්ඩුවට මෙම වංචා දුෂණ හෙලි කරනවා කියන්නේ, බිරි අලින්ට විනා වයනවා වගේ වැඩක් .

 

මෙ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වෙමින් තියනවා. මොකද 40 වැඩි විදේශිකයින් පිරිසක් මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිහින් තියෙනවා. 'චැනල් ෆෝ' ඇතුළුව ඇමරිකානු රාජ්‍ය නාලිකා වල මෙම හෙළිදරවුව මේ වන ව්ට අනාවරණය වෙමින් පවතිනවා. රාජපක්ෂ ආණ්ඩුවේ මිනීමරු අතීතය දැන් අනාවරණය වෙමින් තියනවා. 

 

''රාජපක්ෂ ආණ්ඩු කාලේ මාධ්‍යවේදීන් මරපු හැටි''

මම සිරසේ මුලසුනක ඉන්න කොට සිරසට බොම්බ ගැහුවා. රණවිරුවන්ට පක්ෂපාතිව උත්තෙජන සැපයු නිසා.. මාධ්‍යවේදී ලසන්තව මරලා දැම්මා. මාව මරා දනවා කියලා  බුද්ධි නිලධාරියෙක් මට අනතුරු  ඇගෙව්වා. ඒ මිනීමරු ඉතිහාසයේ ලේ මතින් තමයි මෙ අණ්ඩුව අවේ. ජාතිවාදය ආගම්වාදය ඇවිස්සුවා. අහිංසක මුස්ලිම් දෙමල ජනයාට පරේ බැහැලා යන්න බැරි තරමට ජාතිවාදි වෛරී කතා කිවුවා. 

රට බේරගන්න කියලා සැලසුම් කරපු ප්‍රහාරවල ඇත්ත නැත්ත හෙලිවෙමින් තියනවා. මුලින් සද්ද නැතුව ඉඳලා පාස්කු ප්‍රහාරය වුනා විතරයි , ඉස්සරහට අවා රට බේර ගන්න කියලා.. ජනාධිපති අපේක්ෂක ලෙස මුලිකම පොරොන්දුව රට බේරා ගැනම . මේ ගොල්ලෝ  දන්නේ හොරකම් කරන්නයි මිනිමරන්නයි විතරයි.. මොකද එහෙම ඉතිහසයක තමයි පදනම වැටුනේ..

කතානායක තුමාට කියන්න කැමති.. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා රටේ ජනතාවගේ ජනමතයට ඉඩදෙන්න කියලා..අපිට මිනිමරුවෝ එක්ක එකතු වෙන්න කිසිදු අවශ්‍යතාවක් නෑ..

ලේ මතින් ආපු ආණ්ඩුවක්.. 

 

පසුගිය සමයේ බුද්ධි අංශ මෙහෙයවලා එක්සක් ජාතික පක්ෂය විනාශ කරලා දැම්මා. ජනාධිපතිට එහෙවු පොහොට්ටු පක්ෂයක් එක්ක එකකු වෙන්න පුලුවන් වුනාට අපිට බැ.. බොරුවට කෑ ගැහුවට වැඩක් නෑ ඡන්දෙට මුහුණ දෙන්නම වෙනවා. පළාත් පාලන, පාර්ලිමෙන්තු ඡන්ද මග හැරියට ජනාධිපතිවරනෙට මුහුණ දෙන්නම වෙනවා. ජනාධිපතිවරණේ කල් දාන්න බෑ...

 

සිදුවු සියලුම මිනීමැරුම් හෙලි කරන්න ඔන ..මොකද ගෝඨාභය ජනපති වුන ගමන් විමර්ශන නිළදාරින් මාරු කරා. සිරසට ගැහුවේ කවුද , ලසන්තව මැරුවේ කවුද හෙලි වෙන්ව ඕන. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය කවුද කියලා හෙළි වෙන්න ඕන. එහෙම නැත්නම් අපේ ආණ්ඩුවක් යටතේ මේ සියලුම දෙවල් අපි හෙළිකරනවා..''




වීඩියෝ 
රාජපක්ෂ මිනීමරු ඉතිහාසය - මරික්කාර්ගෙන් බර අවි ප්‍රහාරයක්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image