රනිල් වික්‍රමසිංහ ගේ 'යලි පුබුදමු ශ්‍රී ලංකා' වැඩ සටහන ජනතාවට හොරෙන් ක්‍රියාත්මක කරමින්

සිටින බව 'නිදහස ජනතා සභාව' පවසයි.

මාතර කැකුණදුර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (9/10) පැවති එම පක්ෂයේ මාතර ආසන සම්මේලනය අමතමින් එබව කියා සිටියේ, මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයාය.

''රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මුවාවෙන් මුලු බලශක්ති ක්ෂේත්‍රයම 'ගජමිතුරුකරණය' කරමින් ඉන්නේ. ආණ්ඩුවේ ඉන්න සමහර මාතර නායකයො මේ ගජමිතුරු වෙළදාමේ නියෝජිතයන් වෙලා.'' මන්ත්‍රීවරයා තවදුරටත් පැවසිය.

'' මේ ජනාධිපතිට සහ ආණඩුවට ජනමතයක් නැහැ. ඒ අය සහ ජනතාව අතර විශාල පරතරයක් තියෙනවා. කෙහෙලියට එරෙහි විශ්වාසභංගයෙන් පෙන්නුම් කලේ ඒකයි. ජනතාව කියන්නේ "බෙහෙත් නැහැ බෙහෙත් ටික ගේන සල්ලි ටික හොරකම් කරන එක නවත්වන්න කියල". ආන්ඩුවේ මන්ත්‍රීවරු 113 කියන්නේ "ඒව අපිට අදාළ නැහැ. අපිට ජනතාව කියන දේ අදාළ නැහැ" කියල.'' මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

{gallery}2023-09-10{/gallery}

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image