මීට වසර නවයකට පෙර කොළඹ පෞද්ගලික හෝටලයක පැවති මාධ්‍ය හමුවකට නීති විරෝධී

ආකාරයෙන් කඩාවැදී සාපරාධී බලහත්කාරකම් පෑම හේතුවෙන් අගතියට පත්වූ පිරිසට රුපියල් ලක්ෂ තුනක් ගෙවන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (සැප්. 11) නියෝග කළේ ය.

ඥානසාර හිමියන්ට අමතරව විතාරන්දෙණියේ නන්ද, වැලිමඩ චන්දරතන හිමිවරුන් ඇතුළු පිරිසක් ද ඒ අතර වෙති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තම සේවාදායකයන් වරද පිළිගැනීමට සූදානම් වන බවට එම ධූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.

පූජ්‍ය වටරැක විජිත හිමි විසින් 2014 වසරේ අප්‍රේල් මස 9 වන දින කොළඹ පෞද්ගලික හෝටලයක සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට කඩාවැදී නීතිවිරෝධී ඇතුළු වීම, සාපරාධී බලහත්කාරකම් පෑම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන කරුණු සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොලිසිය මගින් චෝදනා ගොනු කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබූ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එම චෝදනා සමත කර ගැනීමට දෙපාර්ශ්වයට අවසර ලබා දුන්නේ ය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image