leader s

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් සාමකාමී අරගලයක යෙදී මිට 36 වසරකට පෙර

ජීවිතය පරිත්‍යාග කළ තිලිපන් සමරමින්, අද (17) ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සර්ධාපුර හරහා උතුරට ගමන් ගත් රථ පෙලපාලියකට කිසියම් පිරිසක් විසින් පහරදී ඇත.

තිලිපන්ගේ රුව තබා සරසන ලද කැබ් රථයේ නැගි පෙපලියට එක්වසිටි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ව රාජා ගජේන්ද්‍රන් හටද ජාතික කොඩි රැගෙන මග හරස් කල පිරිස් පහර දී තිබු අතර රථ පෙලපාලියේ පිටුපසින් පැමිණි මොටර් රථයකින් පැමිණි පිරිසක් මන්ත්‍රීවරයා බේරා ගෙන රැගෙන ගොස් තිබිණ.

මග හරස් කල පිරිස පැමිණි රථ පෙලපාලියට ආපසු හරවා ගෙන යන ලෙස පැවැසිමත් සමග මෙම ගැටුම හට ගෙන තිබේ.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයාවරයා කැබ් රථයෙන් බසිද්දි අවට සිටි පිරිස් මන්ත්‍රීවරයාට අතින් පයින් හා හෙල්මට් වලින් පහරදෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ වල සටහන්ව ඇත.

පැමිණි රථ වලට ගල් මුල් ප්‍රහාර එල්ල වී ඇති අතර සරසන ලද කැබ් රථයේ සැරසිලිද කඩා දමා තිබේ. එල්ල වු ගල් මුල් වලින් කැබ් රථයටද හානි සිදුව ඇත.

 

 

 

thileepan 1987උපවාසය ඇරඹීමට පෙර තිලීපන් නල්ලූර් කන්දසාමි කෝවිල් භූමියේ රැස්ව සිටි ජනයා අමතයි - 1987 සැප්තැම්බර් 15


1987 සැප්තැම්බර් 15 වැනිදා අරඹන ලද තිලීපන්ගේ මාරාන්තික උපවාසය අවසන් වූයේ සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ ඔහුගේ මරණයෙනි. එතැන් සිට සෑම සෑප්තැම්බරයකදීම තිලීපන් පිළිබඳ මතකය රහසේ හෝ පහන් දල්වා සැමරීම දෙමළ ජනයා බහුල ප්‍රදේශවල නිත්‍ය වතාවතක්ව තිබේ.

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්