රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය පැවසීය.

ඔහු එබව කියා සිටියේ, ‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම‘ මැයෙන් මුදල් අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති විද්වත් සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

ලෝකයේ දියුණු රටවල් අධ්‍යනය කිරීමේදී රාජ්‍ය ව්‍යාපාර සිදු කරන රටවල් පසුගාමී ආර්ථිකයක පසුවන බවත් රජය ව්‍යාපාර නොකරන රටවල් සංවර්ධනය වී ඇති බවත් ඔහු එහිදී කීය. 

රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක පවතින අවධියක රටේ ආර්ථිකයට උසුලා ගත නොහැකි බරක් වන පාඩු ලබන රාජ්‍ය  ව්‍යවසායන් සම්බන්ධයෙන් කළ යුතු දෑ පිළිබඳ වෘත්තීය සමිති නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ඇතුළු වැඩබිමේ ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම වෙනුවෙන් 2010-2020 යන දස අවුරුදු කාලය තුළ රුපියල් බිලියන 333ක් තරම්වූ අති විශාල මහජන මුදලක් වැය කර ඇති බවත් සමන් රත්නප්‍රිය අනාවරණය කළේය.

 

මහජන බදු මුදල් මේ තරම් ප්‍රමාණයක් වැය කරමින් පවත්වාගෙන ආ මෙම රාජ්‍ය ව්‍යවසාය යම් ලාභ දායි ව්‍යාපාරයක් ලෙස ගොඩනගා ගත්තේ නම් එමගින් වසරකට රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි කර ගන්නට හැකියාව තිබූ බවත් සමන් රත්නප්‍රිය පැවසිය.

 

මෙහිදී සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සූදානම් දැයි වෘත්තීය සමිති නායකයෙකු කළ විමසුමට පිළිතුරු දෙමින් සමන් රත්නප්‍රිය කියා සිටියේ , ඒ සඳහා හෝ එවැනි ක්‍රියා මාර්ගයක් සඳහා කිසිදු අදහසක් රජයට නොමැති බවත්ය. එසේම මෙම වසරට අදාළ අය වැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට වෙන් කළ මුදලටත් වඩා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තවත් සියයට එකක් වැඩිපුර ලබන වසරට ලබාදීමට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව ඔහු අනාවරණය කළේය.

Union Meeting 04

Union Meeting 06


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්