අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ තමාගේ කීර්ති නාමයට හානිවන අයුරින් නැෂනල් ඇලර්ට්

(National Alert) සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාසාත්මක පුවත් පළකළා යැයි nationalalert.lk වෙබ් අඩවියේ කර්තෘ කීර්ති රත්නායකට විරුද්ධව මිලියන 500 ක එන්තරවාසියක් යොමු කොට ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් මාධ්‍ය වෙත යොමු කොට තිබූ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

කීර්ති රත්නායක නැමැත්තෙකු විසින් පවත්වා ගෙන යනු ලබන නැෂනල් ඇලර්ට් ( National Alert) සමාජ මාධ්‍ය ජාලය මගින් ද්වේශ සහගත ලෙස පළ කරන ලද ප්‍රවෘත්තියක් හේතුවෙන් අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට වු හානිය හේතුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා කීර්ති රත්නායක නැමැත්තාට නීතිඥ අමා සදමිණි එදිනාදුර මගින් එන්තර වාසියක් යොමු කර තිබේ.

කීර්ති රත්නායක වෙත යොමුකළ එන්තරවාසිය පහත දැක්වේ.

ama 1

ama 2

ama 3

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්