ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලංකික තරුණියක මියයාම සම්බන්ධයෙන් එරට ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම නගෝයා හි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත වරක් ප්‍රතික්ෂේප

කර ඇති බව එරට එන්.එච්.කේ රූපවාහිනි සේවය වාර්තා කර ඇත.

මියගොස් සිටිය විශ්මා සඳමාලි නමැති තරුණියකි

විශ්මා සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් පසුගිය සිකුරුදා සිදු කළ නව විමර්ශනයකින් පසුව නිලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව එන්.එච්.කේ රූපවාහිනි සේවය පෙන්වා දී තිබේ.

වීසා අවසන් වීමෙන් පසුවත් ජපානයේ රැඳී සිටීම නිසා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 2021 වසරේ මාර්තු මාසයේදී ඇය මිය ගිය බව එම රූපවාහිනී සේවය වාර්තා කර ඇත.

සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් ජපාන ආගමන විගමන නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කරමින් අපරාධ පැමිණිල්ලක් ගොනු කරනු ලැබිය.

2022 වසරේ ජූනි මස නගෝයා හි නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් එම පැමිණිල්ලේ විමර්ශන කටයුතු අවසන් කරමින් එම නිලධාරීන් 13 දෙනාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පදනමක් නොමැති බව ප්‍රකාශ කළේය.

(lankadeepa.lk)

සබැඳි ලිපියක්
ඇය ආදරය කළ ජපානය ඇයගේ ජීවිතය නැති කළා !

 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image