leader s

තරුණයකු විසින් පැදවූ මෝටර් රථයක් අද (5) පස්වරුවේ කොළඹ කුරුදුවත්ත නිදහස් වටරවුමේ

රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත සිටි පොලිස් කොස්තාපල්වරයකු යටකරගෙන යාම හේතුවෙන් එම කොස්තාපල්වරයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

 වේගයෙන් ධාවනය වු එම මෝටර් රථය කොස්තාපල්වරයාගේ ඇගේ හැපීමෙන් ඔහු ඉවතට විසිවී ගොස් අසල තිබු පොකුණට ඇද වැටීමෙන් මෙලෙස බරපතල තුවාල ලබා ඇත.

අනතුරින් කොස්තාපල්වරයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවත්, ඔහු ඉතා අසාධ්‍ය තත්ත්යෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

කොස්තාපල්වරයා ගේ ඇගේ ගැටුන මෝටර් රථය ද වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඒ අසල පිහිටි වටරවුමේ මතින් පොකුණ වෙත ඇදී ගොස් නතර වී තිබිණ.

 සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කුරුදුවත්ත පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරි කරමින් සිටි මනෝජ් ප්‍රියංකර (19498)  නමැති කොස්තාපල්වරයෙකි. තුවාල ලබා ඇති එම පොලිස් නිලධාරියා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මීට වසර තුනකට පමණ පෙර පොලිසියට බැදී සිටි කොස්තාපල්වරයකු බවද පොලිසිය සඳහන් කරයි.

මෙම  රථය නන්දා මෝටර් දෙසින් නිදහස් මාවත දක්වා ගමන් ගෙන ඇති අතර, පොලිස් කොස්තාපල්වරයා වටරවුම ආසන්නේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදි වේගයෙන් පැමිණ මෙම රථයේ කොස්තාපල්ගේ ගැටී ඇති බවද පොලිසිය පවසයි.

 

28 හැවිරිදි සැකකරු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක් වන අතර සිද්ධිය වූ වහාම ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ දෙමාපියන් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් බව පැවසේ.


අනතුරුව සැකකරු බිමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිතාකර සිටියේදැයි දැනගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාවෙත ඉදිරිපත්කර තිබිණ.

අදාල වෛද්‍ය වාර්තාවට අනුව සැකකරු බිමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිතාකර නොමැතිබව අනාවරණය වී ඇති අතර ඔහු පැය ගණනාවක් නිදිවර්ජිතව සේවයේ යෙදී ඇතිබවත්, අනතුර සිදුවන අවස්ථාවේ නින්දගොස් සිටි බවටත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්