තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ 'අනිද්දා' (anidda.lk) පුවත්පතට පවසා ඇත. 

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සම්බන්ධයෙන් පලවී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ විමසීමේ දී ය. 

ඔහුගේ යෝජනාවේ අන්තර්ගතය කුමක්දැයි වැඩිදුරටත් කළ විමසීමේ දී ඔහු සඳහන් කර ඇත්තේ, කේවල ආසන ක්‍රමයට මන්ත්‍රීවරු 160 දෙනකු තේරී පත්වන ආකාරයෙන් හා ඉතිරි මන්ත්‍රීවරු 65 දෙනා සමානුපාතික ක්‍රමයට තේරී පත්වීමේ යෝජනාවක් ඔහු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි.

කේවල හා සමානුපාතික යන ක්‍රම දෙකේම මිශ්‍රණයකින් යුතුව පවතින ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක් විසින් ඉදිරිපත් කර තිබෙනවා නේදැයි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු 'අනිද්දා' පුවත්පතට පවසා ඇත්තේ, එම යෝජනාව ඇති කරුණු ද ඔහුගේ යෝජනාවට ඇතුළත් බවයි. 

විජයදාස රාජපක්ෂ ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ, ඔහුගේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධනය ගැන පක්ෂ නායකයින් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හා ඉන්පසු එය ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

(මුලාශය - අනිද්දා )

සබැඳි පුවත් :
ඡන්ද ක්‍රමයේ හදිසි වෙනසක්: කැබිනට් පත්‍රිකාවක් එයි!



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්