ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව

බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු එබව සඳහන් කර සිටියේ, බස්රථ හිමියන් සමග පැවති සාකච්ඡාවකදීය.

'' බස්රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක්. ඒ වගේම කලාවක්. '' ජනතාවට හානි නොවනවානම් බස්රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නැති බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

''මාර්ගනීති කඩකරනවානම් හෝ ජනතාවට අපහසුතාවයක් ගෙන දෙනවානම් ඊට නීති තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. හැබැයි ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කල බස්රථ වලට සහනයක් දෙන්න''  නාමල් රාජපක්ෂ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනබව සඳහන් කළේය.

මාර්ග බලපත්‍ර වලට පිටින් හා බස්රථ බලපත්‍ර වලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු සිදු කිරීම වරදක් නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image