අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන ලෙසත්,

ඊට දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා චමුදිත සමරවික්‍රම, කීර්ති රත්නායක සහ හරිනි අමාලි විජේතුංග යන අයට එරෙහිව අභියාචනාධිකරණයේ 16 දින නඩු පවරා ඇත.

මෙම නඩුවේ පෙත්සම්කරු වන්නේ අංක 147/155 , ගෝල්ඩන් ටෙරන්ස්, කදිරාන , මීගමුව ලිපිනයෙහි පදිංචි මුතුකුඩ ආරච්චිගේ දොන් සුරංග දිල්රුක් යන අය වේ.

අධිකරණයට අපහාස කිරීමේ නඩුව පවරා ඇත්තේ 2023/09/20 දින Truth With Chamuditha යු ටියුබ් නාළිකාවේ විකාශනය වු වැඩ සටහනේදී හරිනි අමාලි විජේතුංග කළ කරුණු දැක්වීම සහ 2023 ජුනි 30 කිර්ති රත්නායක විසින් මුහුණු පොතේ කළ පළ කිරීමක් ( POST)  මෙන්ම ඔහු විසින් 2023 අගොස්තු කළ පළ කිරීමක් ( POST)  දෙකක් පදනම් කර ගනිමිනි.

එමෙන්ම 2023/08/23 චමුදිත නිවුස් බ්‍රිෆ් හරහා කෙරුණු සංවාදයක් මගින් ද අධිකරණයට අපහාස සිදු වු බව පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

ඉහත කී වග උත්තරකරුවන්ට සිතාසී නිකුත් කරන ලෙසත්, අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන ලෙසත්, අධිකරණයට අපහාස කිරීමට දඩුවම් ලබා දෙන ලෙසත්, ඊට සුදුසු වන්දියක් නියම කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටියි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image