දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

අසනීප තත්ත්වයෙන් පසූ වූ ඒ මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් ය.

දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වියේ පසු වූවාය.

බලංගොඩ ග්‍රාමයේ උපත ලබා හැදී වැඩි කලා ලොවට අවතීර්ණ වූ ඒ මහත්මිය සුවසහක් දැයේ දරුවන්ට ගුරුහැරුකම් පෑ අතිදක්ෂ ආචාර්යවරියකි.

නැටුම් ගුරුවරියක ලෙස ඇයට මුල්ම පත්වීම ලැබී ඇත්තේ, හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය.

අභාවප්‍රාප්ත රැජිණි සෙල්වනායගම් මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image