චීන ජනාධිපති ෂී ජින්පින් ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 17-18 දෙදින චීනයේ බීජිං නුවර පැවති “ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක්

තීරයක් සහ එක් මාවතක් සමුළුවට (The 3rd Belt and Road Forum for International Cooperation)” උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද සහභාගී විය.

රාජ්‍ය නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් හා ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවට විමල් වීරවංශ සහභාගී වී ඇත්තේ  චීන රජයේ ඇරයුම පරිදිය.

මෙවර BRFහි තේමාව වූයේ “උසස් තත්වයේ එක් තීරයක් – එක් මාවතක් සඳහා වූ සහයෝගීතාව : පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා එක්වෙමු!” යන්නයි.

මෙවර සමුළුව කැඳවා තිබුණේ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන චීනයේ ඉදිරි ආර්ථීක උපායමාර්ගය හා බැඳුණු “එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative)” අරඹා 2023 වසර වනවිට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය. වසර දහයකට පෙර අරඹන ලද “එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය(BRI)” මහජන යහපත සඳහා වන සහයෝගීතා වේදිකාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන ඇති බවත් එය ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත් චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රධාන සමුළු සැසිවාරය අමතමින් පැවසිය.

මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රධාන සමුළු සැසිවාරයට මෙන්ම සෙසු විශේෂ සමුළු සැසිවාරයන් කිහිපයකට ද සහභාගී වී  තිබිණ.

393271622 880149680147267 6578890221142134213 n 1

393265437 880149776813924 3070870027415646397 n

393296319 880149813480587 6937966164399285862 n

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image