ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වන බවත්,

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයද පවත්වා 2025 මුල් කාලයේ දි පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී අද (21) පස්වරුවේ පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ  විශේෂ මහා සම්මේලනය අමතමිනි.

එක්සත් ජාතික පක්ෂයට එම සියලු මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.

'ස්මාර්ට්' රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගිමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව එම සම්මේලනය අමතමින් එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.

Smart UNP 17

Smart UNP 15
Smart UNP 13

Smart UNP 16

Smart UNP 23

’’ මං හතුරගෙත් මිතුරගෙත් ජනාධිපති’’

තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති වික්‍රමසිංහ සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය.

තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බව කී රනිල් වික්‍රමසිංහ, ඒ තනතුරු දෙක බෙදාගෙන කළ යුතු බව සඳහන් කළේය.

 

" මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී කාරයෝ එහෙම අයින් වෙන්නෙ නෑ. ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා. ඇත්තටම මම ආවේ ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න. ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා. ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා. අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්.


වෙනස පටන් ගන්න ඕන අනුන්ගෙන් නොව තමන් ගෙන්මයි . ඒ නිසා ජනාධිපති ලෙස මා ඒ වෙනස පටන් ගත්තා. 21 වෙනි සංශෝධනය සම්මත කොට ජනාධිපති බලතල අඩු කළා." යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

එජාප ව්‍යවස්ථාව සංශෝධනය කරයි

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය එජාප විශේෂ මහා සම්මේලනයේදී අද ඒකමතිකව සම්මත විය.

පක්ෂ නායක ජනාධිපති වික්‍රමසිංහ, එජාප ව්‍යවස්ථා සංශෝධනය පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහිදී පක්ෂ සම්මේලනයේ සියල්ලෝම අත් ඔසවා ඊට එකඟතාවය පළ කළහ.

එක්සත් ජාතික පක්ෂයට ඔන්ලයින් සංවිධාන ඇති කිරීමට ඉඩ දීම, කෘත්‍යාධිකාරී මණ්ඩල බලතල විධායක සභාවට ලබා දීම, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු සංශෝධන නව ව්‍යවස්ථාවට ඇතුළත් ය.

එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ජනාධිපති වික්‍රමසිංහ පක්ෂ සම්මේලනයට නිවේදනය කළේය. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image