මෙතෙක් පමාවෙමින් පැවති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනකුගේ

ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට ලිඛිතව දන්වා ඇතැයි 'දේශය' පුවත්පත වාර්තා කර තිබේ.

මේ අතර පසුගිය බදාදා සුම් තාක්ෂනය ඔස්සේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරයන් ඇමතු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොලිසිය යනු කුඩු ජාවාරම්කරුවන්ට, පාතාලයන්ට හෝ නීතිවිරෝධී ඉඩම් ජාවාරම් කරන්නන්ට අලෙවි කිරීමට සිටින ගණිකාවන් නොවන බව සියලු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ පොලිස් නිලධාරීන් සිහි තබාගත යුතු බව අවධාරණය කර තිබේ.

පොලිසියේ අනාගත යහපැවැත්ම හා සැලසුම් පිළිබඳව සිය දේශනය පවත්වමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කර තිබිණි.

ඉදිරි කාලයේදී පවත්නා අපරාධ හා අනීතික කටයුතු මර්දනය සඳහා පොලිසියේ කළ යුතු වෙනස්කම් සිදු කරන බවද ඔහු එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image