2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 100ක් ලබාගනිමින් ජයග්‍රහණය කරන බව තමන්ට විශ්වාස යයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර

අබේවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ඔහු එබව කියා සිටියේ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී ඊයේ (21) පස්වරුවේ පැවති එජාප විශේෂ මහා සම්මේලනය අමතමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයද පවත්වා 2025 මුල් කාලයේ දි පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ  විශේෂ මහා සම්මේලනය අමතමින් අවධාරණය කර සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ එජාප සභාපතිවරයා මෙසේද සඳහන් කළේය. 

“දැන් ඕනෙම දේශපාලන පක්ෂයක කෙනෙකුට මේ රට ගොඩගන්න පුළුවන් නම් හංදිවල කතා පවත්වන්න ඕනෙ නෑ, එයා දැන් ඉදිරිපත් කරන්න ඕනෙ ඒක කරන විදිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන විදිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියලා තියෙනවා. එතුමා ඒක ප්‍රංශය, ජපානයට, ඇමරිකාවට, චීනයට කියලා තියෙනවා. වැඩිම ණය සම්භාරයක්, 42%ක් චීනයට. ඒගොල්ලන්ට කියලා තියෙනවා කොහොමද මේ ණය ගෙවන්නෙ, කොහොමද මේ රට ගොඩගන්නෙ කියලා. 

අපට පේනවා ඒ අතරේ සමහර බාලාංශ අපේක්ෂකයොත් ජනාධිපතිවරණයට එන්න හදනවා. ඒ අයට දොස් කියන්න හොඳ නෑ, ඒ අය ඔක්කොම එකතු කරගන්න ඕනෙ. ඔබ හිටියෙ පෝලිමේ, අද ඔබ තෙල් ගහගෙන මේ ශාලාවට ඇවිල්ලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට පින් දෙන්න ඕනෙ. හැමෝටම වීරකම් කතා කරන්න පුළුවන්, වීරකම් කරන්න බෑ. මට නම් විශ්වාසයි ලබන වර්ෂයේ අපේ ජාතික නායකයා ඡන්ද ලක්ෂ 100ක් අරගෙන ජනාධිපති පුටුවේ වාඩිවෙනවා ”



''ජනපතිගේ විස්මිත හැකියාව දැක ලෝක නායකයින් පුදුම වුනා'' - සාගල 

ලෝකයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ක්‍රියාකලාපය පිළිබඳව ලෝක නායකයින් විමතියට පත්ව ඇතැයි මෙම සමුළුව අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක කියා සිටියේය.



අපිට ඉන්නේ ස්මාර්ට් නායකයෙක් - රංගේ

එක්සත් ජාතික පක්ෂයට 'ස්මාර්ට්' නායකයෙක් සිටින බව සමුළුව අමතමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසිය.

පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය මුහුණදුන් බරපතල අභියෝග ජයගනිමින් 2024 දී යළි එජාප ප්‍රමුඛ ආණ්ඩුවක් ගොඩනගන බවද ඔහු සම්මේලනය අමතමින් අවධාරණය කර සිටියේය. 

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්