ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුවද මේ දක්වා වූ කාලයම තුළදී වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි.


ඒ අනුව ඉකුත් 2020 වසරේ සිට මේ දක්වා වූ කාලයේදී මෝටර් කාර් සහ අමතර වාහන 3809ක්ද, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් ආදී වාහන 2971ක්ද, ගිලන් රථ ඇතුළු විශේෂිත වාහන 189ක්ද ආනයනය කර ඇත.

මෙම වාහනවලින් වැඩිම ප්‍රමාණයක් එනම් වාහන 4348 ක් ආනයනය කර ඇත්තේ රටේ ආර්ථික අර්බුදය සහ ඩොලර් අර්බුදය උග්‍ර තත්ත්වයක පැවැති 2021 වසරේදීය.

එම වසරේදී මෝටර් කාර් සහ වෙනත් වාහන 2409ක් ආනයනය කර ඇතැයි රේගු සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

මෙම වාහන සියල්ල ආනයනය කර ඇත්තේ නීත්‍යනුකූල අයුරින් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසුවේය. 

හොර රහසේ වාහන ආනයනය කර ඇත්නම් ඒ සම්බන්ධව රේගුවට තොරතුරු සපයන අයවලුන්ට අදාළ භාණ්ඩ වටිනාකමින් තුනෙන් එකක මුදලක් ගෙවන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වාහන ආනයනය නිසා ඉකුත් 2018 වසරේදී රේගුව රුපියල් බිලියන 187ක බදු ආදායමක් උපයා තිබෙන බවත් එම වසරේ රේගුවේ සමස්ථ ආදායමෙන් සියයට 23ක් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

නමුත් වාහන ආනයන තහනම නිසා මේ වසරේ රේගුවේ සමස්ථ ආදායමෙන් වාහන බදු ලෙස උපයා ඇත්තේ සියයට 1.5ක් බවද රේගුව කියයි.

(asianmirror.lk)


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image