The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘කොළඹ මතක 2’ 31වන දින පාඨක දෝතට...

T

The Leader Desk

July 29, 2024 • 5:30 AM

‘කොළඹ මතක 2’  31වන දින පාඨක දෝතට...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුදු කොවිඩ් වසංගතය පැවති සමයේ ඇය, තමාට ලේඛන හැකියාව ද පවතින බව ප්‍රකට කළා ය.
  • කුමුදු කුමාරසිංහ එලෙස facebook වෙත මුදා හැරි ඇගේ ජීවිත පවත පසුගිය වසරේ (2023) ‘‘කොළඹ මතක’’ යන මැයෙන් කෘතියක් ලෙස ජනගත කෙරිණ; එම කෘතිය සඳහා ඇය ද බලාපොරොත්තු නොවූ තරම් පාඨක ප්‍රතිචාර ද ලැබිණ. එලෙස ලද පාඨක ප්‍රතිචාරවලින් උත්තේජනය වූ ඇය සිය ජිවිත පවතේ දෙවන කොටස ද ලිවීමට පෙලඹුණා ය.
  • ඇය එම කෘතිය නම් කරන්නේ ‘‘කොළඹ මතක 2 ජිවිතයෙන් වේදිකාවට’’ යන මැයෙනි.
  • එම කෘතිය ජුලි 31වන දින සවස 03.30ට කොළඹ 07, ටොරින්ටන්හි පිහිටි ලේඛනාගාර ශ්‍රවණාගාරයේ දී ජනගතකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ඇය දැනුම් දුන්නා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නමුදු කොවිඩ් වසංගතය පැවති සමයේ ඇය, තමාට ලේඛන හැකියාව ද පවතින බව ප්‍රකට කළා ය. ඒ, ඇගේ ජිවන අත්දැකිම් facebook මුදා හරිමිනි.

 

කුමුදු මතක කොළඹ'- (මංජුල වෙඩිවර්ධන)කුමුදු කුමාරසිංහ
එලෙස facebook වෙත මුදා හැරි ඇගේ ජීවිත පවත පසුගිය වසරේ (2023) ‘‘කොළඹ මතක’’ යන මැයෙන් කෘතියක් ලෙස ජනගත කෙරිණ; එම කෘතිය සඳහා ඇය ද බලාපොරොත්තු නොවූ තරම් පාඨක ප්‍රතිචාර ද ලැබිණ. 

එලෙස ලද පාඨක ප්‍රතිචාරවලින් උත්තේජනය වූ ඇය සිය ජිවිත පවතේ දෙවන කොටස ද ලිවීමට පෙලඹුණා ය. ඇය එම කෘතිය නම් කරන්නේ ‘‘කොළඹ මතක 2 ජිවිතයෙන් වේදිකාවට’’ යන මැයෙනි.

එම කෘතිය ජුලි 31වන දින සවස 03.30ට කොළඹ 07, ටොරින්ටන්හි පිහිටි ලේඛනාගාර ශ්‍රවණාගාරයේ දී ජනගතකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ඇය දැනුම් දුන්නා ය.

speakrs trepUntitled 1විදර්ශන කන්නනංගර - ගීතිකා ධර්මසිංහ - පුබුදු ජයගොඩ

 

එදින ‘‘කොළඹ මතක 2 ජිවිතයෙන් වේදිකාවට’’ කෘතිය පිළිබඳව අදහස් දක්වන්නේ: ගීතිකා ධර්මසිංහ, පුබුදු ජයගොඩ සහ විදර්ශන කන්නනංගර ය.

සාහිතකාමි සියලු දෙනාට එදින සවස 03.30ට ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයට පැමිණෙන මෙන් කුමුදු කුමාරසිංහ ආරාධනා කර සිටින්නී ය.

 

tr
(ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...