The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
පුවත්

පොලිසියේ 'නඩු ටාගට්' ක්‍රීඩාව අධිකරණයෙන් කුඩු වෙයි: අහිංසකයෙකු හිර කරන්න ගිය පොලිස් නිලධාරීන්ට ලක්ෂ 2ක දඩයක්!

T

The Leader Desk

May 28, 2026 • 4:12 PM

පොලිසියේ 'නඩු ටාගට්' ක්‍රීඩාව අධිකරණයෙන් කුඩු වෙයි: අහිංසකයෙකු හිර කරන්න ගිය පොලිස් නිලධාරීන්ට ලක්ෂ 2ක දඩයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ දෙකක (200,000) වන්දියක් ගෙවන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කර තිබේ.
  • පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව අයිස් සහ හෙරොයින් ළඟ තබා ගත් බවට නඩු පවරා තිබූ අතර, එක් නඩුවකට වරද පිළිගැනීමෙන් පසු තවත් සුළු මොහොතකින් එම චෝදනාව යටතේම දෙවන නඩුවක්ද කැඳවා තිබුණි.
  • එකම පුද්ගලයාට එරෙහිව එකම දින නඩු දෙකක් පැවරීම පිළිබඳව සැක සිතූ මහේස්ත්‍රාත්වරයා කරුණු විමසීමේදී, පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ වැටලීමේදී සිදු වූ වැරදීමකින් චෝදනා ගොනු වී ඇති බැවින් එක් නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බවයි.
  • කෙසේ වෙතත්, සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිලධාරීන්ම නම් කරමින් විත්තිකරු සිතාමතා වරදකරු කිරීමට උත්සාහ කර ඇති බව නිරීක්ෂණය කළ අධිකරණය පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ දෙකක (200,000) වන්දියක් ගෙවන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කර තිබේ.

දෙවොලපොළ, මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නැමැත්තාට එරෙහිව පවරා තිබූ නඩු දෙකෙන්ම ඔහු නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම ඓතිහාසික නියෝගය නිකුත් කළේය.

එකම දින එකම පුද්ගලයාට නඩු දෙකක්!

පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව අයිස් සහ හෙරොයින් ළඟ තබා ගත් බවට නඩු පවරා තිබූ අතර, එක් නඩුවකට වරද පිළිගැනීමෙන් පසු තවත් සුළු මොහොතකින් එම චෝදනාව යටතේම දෙවන නඩුවක්ද කැඳවා තිබුණි.

එකම පුද්ගලයාට එරෙහිව එකම දින නඩු දෙකක් පැවරීම පිළිබඳව සැක සිතූ මහේස්ත්‍රාත්වරයා කරුණු විමසීමේදී, පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ වැටලීමේදී සිදු වූ වැරදීමකින් චෝදනා ගොනු වී ඇති බැවින් එක් නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බවයි.

කෙසේ වෙතත්, සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිලධාරීන්ම නම් කරමින් විත්තිකරු සිතාමතා වරදකරු කිරීමට උත්සාහ කර ඇති බව නිරීක්ෂණය කළ අධිකරණය පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

"ඉදිරි වසර 5ට ලංකාවේ ජනගහනය මදි වෙයි"

මෙහිදී පොලිසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, එක් මාසයකට වඩා ඊළඟ මාසයේ නඩු සංඛ්‍යාව වැඩි විය යුතු බවට ඉහළ නිලධාරීන් දෙන නියෝග මත ක්‍රියා කළහොත්, ඉදිරි වසර 5 තුළ පොලිසියට නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනගහනය පවා ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

"බලප්‍රදේශයක නඩු සංඛ්‍යාව වැඩිවීම යනු සැබවින්ම එම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාවය විදහා දක්වන්නක්. පොලිසිය කාර්යක්ෂම නම් සිදුවිය යුත්තේ අපරාධ සහ නඩු සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමයි." යැයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

ඇතැම් නඩු භාණ්ඩවල රජයේ රස පරීක්ෂක වාර්තා එන විට ඉතා සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හෝ කිසිදු මත්ද්‍රව්‍යයක් නොමැති බව අනාවරණය වන බවද මෙහිදී පෙන්වා දුන්නේය.

වන්දි ගෙවීම සහ විනය පියවර

අධිකරණ නියෝගය අනුව, වැටලීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනා පුද්ගලිකව රුපියල් 25,000 බැගින්ද, ඉතිරි රුපියල් ලක්ෂයක මුදල පොලිස් තෑගි අරමුදලෙන්ද විත්තිකරුට ගෙවිය යුතුය.

විශේෂත්වයක් ලෙස, මෙම නිලධාරීන්ට එරෙහිව පමණක් තනිව විනය පියවර නොගත යුතු බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. එවැනි පියවරක් ගන්නේ නම්, මෙවැනි අවිධිමත් වැටලීම් සහ නඩු "Target" ලබා දුන් ඉහළ නිලධාරීන් ද ඊට වගකිව යුතු බව තීන්දුවේ සදහන් වේ.

මෙම නියෝගයේ පිටපතක් වහාම පොලිස්පතිවරයා වෙත යොමු කිරීමටද පියවර ගෙන ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...