The Leader News
BREAKING
Top Ad
පුවත්

ඖෂධ මිල 20%කින් වැඩි කරන්නැයි ඉල්ලීම්: මිල සූත්‍රයෙන් ජනතාවට සහනයක් දෙන්න රජය සැරසෙයි

T

The Leader Desk

May 27, 2026 • 4:08 AM

ඖෂධ මිල 20%කින් වැඩි කරන්නැයි ඉල්ලීම්: මිල සූත්‍රයෙන් ජනතාවට සහනයක් දෙන්න රජය සැරසෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසන් වරට ඖෂධ මිල ඉහළ දැමීමට අවසරය ලබාදී ඇත්තේ මීට වසර පහකට පෙරදීය.
  • එනම්, ඉකුත් 2023 වසරේ ජූනි මාසයේදීය.
  • සෑම වසර පහකටම වරක් ඖෂධ මිල ඉහළ දැමීමට අවසරය ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචිමාර්ග කියයි.
  • ඩොලරයේ අගය පසුගිය දිනවල රුපියල් 354 ක් දක්වා ඉහළ යාමත් සමග ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දමන ලෙස බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අවසන් වරට ඖෂධ මිල ඉහළ දැමීමට අවසරය ලබාදී ඇත්තේ මීට වසර පහකට පෙරදීය. එනම්, ඉකුත් 2023 වසරේ ජූනි මාසයේදීය. සෑම වසර පහකටම වරක් ඖෂධ මිල ඉහළ දැමීමට අවසරය ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචිමාර්ග කියයි. එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයේ මිල ගණන් ඉහළ යාම ආදී කාරණාද, ඖෂධ මිල ඉහළ දැමීම සම්බන්ධව සලකා බැලීමට හේතුපාදක වී තිබේ.

ඩොලරයේ අගය පසුගිය දිනවල රුපියල් 354 ක් දක්වා ඉහළ යාමත් සමග ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දමන ලෙස බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.

ඖෂධ නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි ද එම සංගමයේ සාමාජිකයන් කියා සිටිති.

ලෝකයේ බොහෝ රටවල ඖෂධ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට ඖෂධ සැපැයුම්කරුවන් බොහෝ දෙනකු ඖෂධ ආනයනයට අදාළ ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට මැලිකමක් දක්වන බවට ද තොරතුරු අනාවරණය වේ.

ඩොලරයේ අගය ඉහළ යාම නිසා ඖෂධ මිල ගණන් වැඩිවීම පාලනය කිරීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත වානිජ මණ්ඩලයද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සියලු කරුණු සලකා බලා ජනතාවට අසාධාරණයක් සිදු නොවන පරිදි මිල සූත්‍රය යටතේ ඖෂධ මිල ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.

ඖෂධ වර්ග සියයක පමණ මිල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පාලනයට ලක් කර ඇත.


( aruna.lk | සාලිය කුමාර ගුණසේකර)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඖෂධ මිල 20%කින් වැඩි කරන්නැයි ඉල්ලීම්: මිල සූත්‍රයෙන් ජනතාවට සහනයක් දෙන්න රජය සැරසෙයි | The Leader