පීඩිත කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් අරගලයට කාන්තාවන් නිවසින් එළියට පැමිණිය යුතු යයි

'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ' ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවාය.

ඇය එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (05) පැවති නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ පළමු සමුළුව අමතමිනි.

හේමමාලි අබේරත්න සමුළුව අමතමින් මෙසේ කියා සිටියාය.


''මේ පවතින සමාජ ආර්ථික ක්‍රමයෙන් මේ ගැටලුවලට විසඳුමක් නැ ''

'නොනිමි අරගලයට‍ ක්‍රම වෙනසකට කාන්තා බලයක්' යන තේමාවෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ (Free Women!) පළමු සමුළුව පැවැත්වෙන මේ වෙලාවේ ලෝකෙ පුරා කාන්තාව  ලංකාවේ කාන්තාවන්  මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුය. අප දන්නවා පලස්තීනය ඇතුළුව  යුද ගැටුම් වලට ගොදුරු  වී සිටින ජනතාව අතරින් කාන්තාව හා ළමුන් මුහුනදෙන ඛේදවාචකය ඉතා බිහිසුණුයි.  මාස 20ක් තුළ යුක්රේන යුද්ධයෙන් දරුවන්  600ක් මිය ගියා. නමුත් සති 4කට අඩු කාලයකදී පලස්තීන දරුවන් පන්දහසකට ආසන්න පිරිසක් කාන්තාවන් 2000 කට ආසන්න ප්‍රමාණයක්  මරණයට පත්වුණා. ඔබට අපට මෙය  අනුමතකළ. හැකිද? අනුමත කරන්න බෑ. අපට හිතන්න වෙන්නෙ මේ තත්වය අනුමත කරනවද නැත්නම් ඊට විරුද්ධව සටන් කරනවද ? කාන්තාවන් ලෙස ලංකාව තුළ මෙන්ම ලෝකය පුරාම විඳින්නෙ එක හා සමාන පීඩාවක්. අපට ඇති අරගලය මේ තත්වය විඳදරා ගෙන ඉන්නවද? නැතිනම් වෙනස් කරනවද කියන එක.


ලංකාවෙ නාගරික, මධ්‍යම පන්තික, ග්‍රාමීය කාන්තාවන් ආදි වශයෙන් සියලු තරාතිරමෙ කාන්තාවන් හා දරුවන් මුහුණ දීසිටින ගැටලු සළකා බලන විට අපට මේක තවදුරටත් දරා සිටිය නොහැකියි. මේ වනවිට දරුවන්ගෙ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරන්නෙ කොහෙමද කියලා වැඩිපුරම දුකට පත් වෙන්නෙ කාන්තාව. දරුවට පෝෂණීය ආහාරයක් දෙන්න නොහැකිවීම නිසා වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නෙ කාන්තාවන්. එහෙම අවස්ථාවක මේ පළමු සමුළුව පවත්වන්නෙ. අපි දන්නවා මේ පවතින සමාජ ආර්ථික ක්‍රමයෙන් මේ ගැටලුවලට විසඳුමක් නොලැබෙන බව.


ලෝකයේ පළවෙනි ධනේශ්වර විප්ලවයෙදි 1789 ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සෙ කාන්තාවන්. ඒ විප්ලවයේ මූළික සටන් පාඨ වුණේ නිදහස සහෝදරත්වය සහ සමානත්මතාවය. ඒ වුණාට අදටත් මේ සමාජ ආර්ථික ක්‍රමය යටතේ ඒ ඉල්ලීම් ලබා දෙන්න ධනපති ක්‍රමය අසමත් වෙලා තිබෙනවා. ප්‍රංශ විප්ලවයෙදි කාන්තාවන් අරගලකාරී ලෙස ගෘහයෙන් එළියට කැඳෙව්වට කාන්තාවන්ට නිදහස සමානාත්මතාව සහෝදත්වය දෙන්න බැරි වුණා. මේ නිසාම ඒ තත්වය වෙනස් කරන්න අප විසින් ඉටු කළ යුතු පෙරමුණු කාර්යභාරයක් තිබෙනවා. මේ ධනපති සමාජය තුළත් පුරුෂ මූලිකත්වය එරෙහි අරගලයක් තිබුණා. ආර්ථික පීඩාවට එරෙහි අරගල පැන නගුණා. මේ සමාජ ක්‍රමයෙ ඉල්ලීම් දිනා ගන්න නොහැකි වුවත්, කාන්තාවන් ඇතුළු පීඩිත ජනයා අයිතිවාසිකම් දිනා ගත්තෙ සමාජවාදය තුළ බව අපි දන්නවා. 


රුසියානු සමාජ විප්ලවයට මුල පුරන්නත් පෙරට ආවෙ කාන්තාවන්. තමන්ට ජයග්‍රහණ අත්පත් කරගන්න හැකි වෙන්නෙ සමාජවාදය තුළ පමණයි කියලා පීඩිත ස්ත්‍රීන්ට වගේම පොදු ජනයාට වටහා ගැනිමට ලැබුණා. ‍ඉදිරියට මේ සමාජය වෙනස් කිරීමෙන් තොරව අපට නිදහසක්, සමානාත්මතාව හෝ සහෝදරත්වයක් හිමි වෙන්නෙ නෑ.

ඒ නිසා දැන් සියලු කාන්තාවන්ට අහිමි කළ නිදහස දිනා ගන්න, නොලුබුණු සමානාත්මතාව හිමි කරගන්න, අප වෙනස් කළ යුතු ධනවාදය. ඒ නිසා පීඩාවට පත්වන ලෝකය පුරාමකාන්තාවන් ලෙස අප පෙරමුන ගන්න ඕන ධනවාදයට එරෙහිව. මේ කාන්තා ව්‍යාපාරය තුළ තීරණාත්මක මොහොතකට එළඹ සිටින අපි, මේ පළඹුවැනි සමුළුවෙදි  'නොනිමි අරගලයට‍ ක්‍රම වෙනසකට කාන්තා බලයක්' ගොඩනගන්න ඕන බව අවධාරනය කරනවා.

අවුරුදු 12ක ගමනක් ඇතුළෙ නිදහස උසො කාන්තා ව්‍යාපාරය ලෙස අපි සන්ධිස්ථානයක් සලකුණු කරගෙන තිබෙනවා. මේ කාන්තා අරගලය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව අපට අන් කවරදාටත් වැඩි තිබෙනවා. සංවිධානාත්මක බලයක් නැතිව අප කිසිවකුට කිසිවක් කළ නොහැකි බව අපි දන්නවා. තනියම ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැකියි. ඉතින් ඒ වෙනුවෙන් සංවිධාන ගොඩ නැගිය යුතුයි.

නොනිමි අරගලයට ක්‍රම වෙනසට කාන්තා බලයක් අප මෙම සුමළුවෙදි පෙන්වා තිබෙනවා. අපි අරගලය විශ්වාස කළ යුතුයි.
 

අපේ දේශපාලන ගමන් මගේ අරගලකාරී අත්දැකීම් දෙකක් හමු වුණා. ඒ හැම අරගලයකදිම සහෝදරියන් අධිෂ්ඨානයෙන් කැපවීමෙන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණා. තමන්ගෙ ජීවිතය පවා දෙවැනි තැනට දමා කටයුතු කරමින් ඔවුන් ලබා දුන් ආදර්ශයක් අපට තිබෙනවා. 1971 කාල වකවානුව තුළ අරගලය වෙනුවෙන් ප්‍රේමවතී මනම්පේරි සහෝදරිය ඇතුළු සහෝදරියන් කළකැපවීම ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. 1989 අරගලයෙදි දීපිකා මුතුහෙට්ටි සහෝදරිය අරගලයට එකකු වුණේ අලුත් සමාජයක් හදන්න. අනාගත පරම්පරාවට අලුත් ලෝකයක් හදන්න ඔවුන් වැඩ කළා
 

අපට ඇති එකම පාර අරගලයේ මාවත පමණයි. අප සැමට සිදුවන්නේ අරගලයේ මාවත ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යන්න. මේ සමුළුව තුළ අප ඔබෙන් ඉල්ලා සිටින්නෙ ඒ පාරෙන් ගිහින් සමාජයක් ගොඩනගන ඒ උදාර කාර්යයට අධිෂ්ඨානය, ශක්තිය එක් කරන සහෝදරියක් බවට පත් වෙන්න. ඒ අධිෂ්ටානය පෙරදැරි කරගෙන ඒ ගමන් මගේ කෙළවර අප විශ්වාස කරන්නෙ අපි හැම කෙනෙකුම හදන්න මැදිහත්වන අප හැමටම සතුටින් ජීවත්වන්න හැකි සමාජවාදී සමාජයක්.

ලෝකය පුරාම පීඩාවට පත් කාන්තාවන්ට විමුක්තිය හිමි කරගන්න ලැබෙන්නෙ සමාජවාදය. ඒ නිසා අපි අධිෂ්ටානයක් කරමු.

ධනවාදය තුළ දනින් වැටෙනවද ගෙදර ගෘහීය කටයුතු තුළ කොටු වෙලා ඉන්නවද? දැන් අපි ගෙදරින් එළියට එමු. සියලු පීඩිත කානතාවන් ජයග්‍රහණය කරා ‍මෙහෙයවන්න, පීඩිත තත්වයන්ගෙන් මිදුණු ශක්තිමත් අරගලකාරියන් බවට පත් වෙමු.
 
පීඩාවට පත් වූ වහල්භාවය නිසා පෑගිලා තැලිලා මිරිකිලා හිටිය සහෝදරියන්ට විමුක්තිය ලබාගන්න මාර්ගයට එමු.
පුරුෂමූලිකත්වයට එරෙහිව  සටන් කරමු
සමාජ අගතින්ට එරෙහිව සටන් කරමු
සමාජ ආකල්පවලට එරෙහිව සටන් කරමු
සම්ප්‍රදායන්ට එරෙහිව සටන් කරමු
මේ සමුළුවේ වාඩිවුන සහෝදරියන් ලෙස මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න
ශක්තිමත්ව සංවිධානාත්මක කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා !
 Freedomfor Women 1
Freedomfor Women 4
Freedomfor Women 6
Freedomfor Women 3
Freedomfor Women 5
Freedomfor Women 2
Freedomfor Women 7

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image