The Leader News
BREAKING
Top Ad
පුවත්

බොදු බලයේ නමින් මුස්ලිම් කඩවලට පහරදීමේ සුදානමක් !

T

The Leader Desk

May 18, 2019 • 10:22 AM

බොදු බලයේ නමින් මුස්ලිම් කඩවලට පහරදීමේ සුදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයට බලපෑම් කිරීම සඳහා දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට අන්තවාදී සංවිධාන කිහිපයක් මේවනවිට සාකච්ජා පවත්වමින් සිටින බව 'ද ලීඩර්' වෙත ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
  • ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති නඩු තීන්දුවේ දී මුලික කරුණු ගනනාවක් නොසලකා හැර ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බොදු බල සේනා සංවිධානය, වෙසක් පොහොය දිනයේදී උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලීම් කර තිබිණ.
  • මේ අතර දිලන්ත විතානගේ මහතා සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් මින් ස්වල්ප මොහොතකට පෙර පවසා ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දිනයේ තම සංවිධානයේ නායක හිමියන් බැහැදැකීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් ඇති බවයි.
  • විනාඩි 45 පමණ රටේ තත්වය හා උන්වහන්සෙට සිදුවු අසාධාරණය පිළිබඳව මෙම අතිශය පෞද්ගලික සාකච්ඡා වේදී කතාබහ වී ඇති බවට සැක පහල කරනවා.''
අකුරු ප්‍රමාණය (Font Size):

රජයට බලපෑම් කිරීම සඳහා දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට අන්තවාදී සංවිධාන කිහිපයක් මේවනවිට සාකච්ජා පවත්වමින් සිටින බව 'ද ලීඩර්' වෙත ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඊට දැඩි ලෙස විරෝධය පළකර ඇති බවත්, ඥානසාර හිමියන්ගේ නම යොදා ගනිමින් ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම මෙවැනි පුද්ගලයින්ගේ අරමුණ විය හැකි බවට ඔහු සිය සංවිධානයේ ක්‍රියාකාරී හිමිවරුන්ට අනතුරු අඟවා ඇති බවත් වාර්තාවේ.

ඥාණසාර හිමියන්ට ලබාදී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා රජයේ නියෝජිතයින් සමග මෙන්ම දේශපාලන පක්ෂ, ආගමික නායකයින් හා සිවිල් සංවිධාන තවදුරටත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය දිලන්ත විතානගේ මහතා මෙහිදී සිය සංවිධානයේ නියෝජිතයින්ට පැහැදිලි කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති නඩු තීන්දුවේ දී මුලික කරුණු ගනනාවක් නොසලකා හැර ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බොදු බල සේනා සංවිධානය, වෙසක් පොහොය දිනයේදී උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලීම් කර තිබිණ.

 

ජනාධිපති, ඥානසාර හිමි බැහැදැකීමට ගිහින් !

මේ අතර දිලන්ත විතානගේ මහතා සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් මින් ස්වල්ප මොහොතකට පෙර පවසා ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දිනයේ තම සංවිධානයේ නායක හිමියන් බැහැදැකීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් ඇති බවයි.

එම සටහනේ මෙසේ සඳහන් වේ.

''අද දින බන්ධනාගාරයට පැම්ණි ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලට පැමිණ බොදු බල සේනා නායක පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමිගේ සුවදුක් විමසා තිබෙනවා. විනාඩි 45 පමණ රටේ තත්වය හා උන්වහන්සෙට සිදුවු අසාධාරණය පිළිබඳව මෙම අතිශය පෞද්ගලික සාකච්ඡා වේදී කතාබහ වී ඇති බවට සැක පහල කරනවා.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...