The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපති බන්ධනාගාරයට : ඥානසාර හිමි සමග රහස් කතා !

T

The Leader Desk

May 18, 2019 • 10:38 AM

ජනාධිපති බන්ධනාගාරයට : ඥානසාර හිමි සමග රහස් කතා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සටහනක් තබා ඇති අතර එහි මෙසේ සඳහන් වේ.
  • විනාඩි 45 පමණ රටේ තත්වය හා උන්වහන්සෙට සිදුවු අසාධාරණය පිළිබඳව මෙම අතිශය පෞද්ගලික සාකච්ඡා වේදී කතාබහ වී ඇති බවට සැක පහල කරනවා.'' බොදු බලයෙන් විශේෂ පණිවිඩයක් !
  • මේ අතර බොදුබල සේනා සංවිධානය විසින් දිවයින පුරා වෙසෙන සිය ක්‍රියාකාරී සාමාජිකයින් වෙත යොමුකළ විශේෂ පණිවිඩයක මෙසේ සඳහන් වේ.
  • ''මේ අවස්ථවේ රටේ පවතින නොසන්සුන් හා කලබලකරී තත්වය පිළිබද සලකා බලා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී නොවන හා ආගමික ගැටුම් ඇතිවිය හැකි කටයුතු වලට සම්බන්ධ විරෝධතා වල නිරත නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සටහනක් තබා ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

''අද දින බන්ධනාගාරයට පැම්ණි ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලට පැමිණ බොදු බල සේනා නායක පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමිගේ සුවදුක් විමසා තිබෙනවා. විනාඩි 45 පමණ රටේ තත්වය හා උන්වහන්සෙට සිදුවු අසාධාරණය පිළිබඳව මෙම අතිශය පෞද්ගලික සාකච්ඡා වේදී කතාබහ වී ඇති බවට සැක පහල කරනවා.''

 

බොදු බලයෙන් විශේෂ පණිවිඩයක් !

මේ අතර බොදුබල සේනා සංවිධානය විසින් දිවයින පුරා වෙසෙන සිය ක්‍රියාකාරී සාමාජිකයින් වෙත යොමුකළ විශේෂ පණිවිඩයක මෙසේ සඳහන් වේ.

''මේ අවස්ථවේ රටේ පවතින නොසන්සුන් හා කලබලකරී තත්වය පිළිබද සලකා බලා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී නොවන හා ආගමික ගැටුම් ඇතිවිය හැකි කටයුතු වලට සම්බන්ධ විරෝධතා වල නිරත නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා..

රටේ දියුණුවට සියලු ප්‍රචණ්ඩත්වයන් හා ත්‍රස්තවාදයන් පරදා සාමය අත්‍යාවශ්‍ය සාධකයක් බව බොදු බල සේනාවේ මතයයි.

ඤාණසාර හිමිට කල අසාධාරණයට එරෙහිව සටන් කර උන්වහන්සේ නිදහස් කිරීමට අප පියවර ගත යුතු අතර මේ පිලිබඳ බොදු බල සේනා හි නිල වගකිම් අප සතුව ඇති අතර අවශ්‍ය උපදෙස් වලට අප අමතන්න..ඔබ සැමට තෙරුවන් සරණයි''

බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා විසින් යොමුකර ඇති එම පණිවිඩයේ මෙසේද අවධාරණය කර තිබේ.

''ඤාණසාර හිමියන් නිදහස් කරගැනීමට ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම රාශියක් ඇති බවත්, ධර්මපාලතුමා හා ගාන්ධි තුමා අනුගමනය කල අවිහිංසාවාදි ක්‍රම අප අනුගමනය කලයුතු බවත්, සමහරු ඤාණසාර හිමි යොදාගෙන මාධ්‍ය සංදර්ශන කරමින් යම් දේශපාලන හා මුදල් ඉපයීමේ කොන්ත්‍රාත් කරන බවත් කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කල යුතුය''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...