The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමරිකාව සමග ගිවිසුමක් ගහලා ! - ජනාධිපතිවරණයට එන බව ගෝඨා තහවුරු කරයි

T

The Leader Desk

May 19, 2019 • 4:33 AM

 ඇමරිකාව සමග ගිවිසුමක් ගහලා ! - ජනාධිපතිවරණයට එන බව ගෝඨා තහවුරු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'අල්ජසීරා' රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් යලිත් අවධාරණය කර ඇත.
  • තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තීරණය කළේ බොහෝ කලකට පෙර බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
  • රටේ මතුව ඇති ආරක්ෂක තත්වයත් සමඟ තමන්ට ජනාධිපතිවරණයට තරග වැදීමට අවස්ථාවක් උදාවී ඇත්දැයි අල්ජසීරා රූපවාහිනිය මෙහිදී ඔහුගෙන් විමසා ඇති අතර එහිදී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණය නොව රට සහ ජාතියට සිදුවන විනාශය පිළිබඳ තමන් අවධානය යොමු කරන බවයි.
  • මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා 'රාවය' පුවත්පත සමග කළ සාකච්ජාවක දී අනාවරණය කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයේ සිටිය දී ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොදන්වා ඇමරිකාව සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
'අල්ජසීරා' රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් යලිත් අවධාරණය කර ඇත.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තීරණය කළේ බොහෝ කලකට පෙර බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

රටේ මතුව ඇති ආරක්ෂක තත්වයත් සමඟ තමන්ට ජනාධිපතිවරණයට තරග වැදීමට අවස්ථාවක් උදාවී ඇත්දැයි  අල්ජසීරා රූපවාහිනිය මෙහිදී ඔහුගෙන් විමසා ඇති අතර එහිදී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණය නොව රට සහ ජාතියට සිදුවන විනාශය පිළිබඳ තමන් අවධානය යොමු කරන බවයි.

ඇමරිකාව සමග ගිවිසුමක් !
Kolone


මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ  ආචාර්ය අජිත් කොලොන්නේ මහතා 'රාවය' පුවත්පත සමග කළ සාකච්ජාවක දී අනාවරණය කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයේ සිටිය දී ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොදන්වා ඇමරිකාව සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිව සිටි රොබට් ඕ. බ්ලේක් මහතා එම ගිවිසුම අත්සන් කර ඇත.

''එම ගිවිසුම අත්සන් කරන රට පෙන්ටගනයේ නීති පද්ධතියට යටත්වෙන බව එහි පැහැදිලිවම සඳහන් වෙනවා. මෙම ඇක්සා ගිවිසුම ඇමෙරිකාව ඕනෑම රටක් සමඟ අවුරුදු දහයක කාලසීමාවක් සඳහායි අත්සන් කරනු ලබන්නේ. එම ගිවිසුමට එළැඹි විට ප්‍රවාහනය සහ බෙදාහැරීම සඳහා වන අන්තර් ක්‍රියාකාරී හැකියාව  (Interoperaterbilty to Transfer and Exchange Logistics & Supplies) එනම් යම් ක්‍රියාන්විතයන්වලදී ඇමරිකානු හමුදාවට අවශ්‍ය කරන සියලුම පහසුකම් සැපයීමට අනෙක් පාර්ශ්වය බැඳී සිටිනවා. 

එම පහසුකම්වලට අයත් වන්නේ සීමිත මෙහෙයුම්වලදී අවශ්‍ය නම් ගුවන්යානා සහ නාවුක යාත්‍රා සඳහා ඉන්ධන සැපයීම, එම රටවල ඇති වරායවල් සහ ගුවන් තොටුපොළවල් මෙන්ම මුහුදු සහ ගුවන් සීමා භාවිතය, සාම සාධක හමුදා යැවීම වැනි කාර්යයන් සඳහා ඊට අවශ්‍ය කරන සහයෝගය ලබාදීම, යුධ අභ්‍යාස ඇමරිකානු හමුදාවත් සමඟ එක්වී ක්‍රියාත්මක කිරීම් වැනි බොහෝ කරුණු සඳහා ගිවිසුම අත්සන් කරන රටවල් බැඳී සිටිනවා.'' යයි ආචාර්ය අජිත් කොලොන්නේ මහතා පවසයි.

ආචාර්ය අජිත් කොලොන්නේ මහතා සමග කල සම්පුර්ණ සාකච්ජාව මෙතනින් බලන්න

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...