ඇතැයි සමාජ මාධ්‍ය වල වාර්තාවේ. මහියංගනය පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඒ සම්බන්ධයෙන් තම FB පිටුවේ සටහනක් තබා ඇති දේශපාලන විශේලේෂක විදර්ශන කන්නන්ගර මෙසේ සඳහන් කර ඇත.
''ධර්මචක්‍රයක් නොව සුක්කානමක රුවක් ගවුමක ඇද ගිය මේ මහියංගනයේ මුස්ලිම් කාන්තාව දැන් සිරගත කොට ඇත. මේ රට සිංහල බෞද්ධ අධිපතිවාදයට යට කිරීමට අප එරෙහි වන්නේ බුදු සමය සමග ඇති විරෝධයකට නොව එවැනි අධිපතිවාදයන්ගෙන් ගොඩනැගෙන මෙවැනි මානව විරෝධී, හිංසනීය සමාජ බලහත්කාරය නිසාය. එය ස්වාභාවික කෙරෙන නිසාය. සමාජ යුක්ති ධර්මය වෙනුවෙන් ඉදිරිපත් වන පුරවැසියනි, මැය වෙනුවෙන් මැදිහත්වන්න..සැබෑ බෞද්ධයිනි, බුද්ධාගම නමින් සිදුවන මේ විපරීත විගඩම් වලට එරෙහි වන්න !!! - විදර්ශන කන්නන්ගර



