එසේ තීරණය කර ඇත්තේ ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටුවීම සඳහ ශ්‍රී ලංකාවේ රජය එකඟවීම නිසා බවත් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් දේශපාලනයේ නිරත සරත් වීරසේකර මහතා පසුගිය 16 වනදා මාධ්‍ය හමුවක් කැඳවමින් මෙසේ අදහස් දැක්වුයේ, ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඇමරිකානු රජය සමග රහස් ගිවිසුමක් අත්සන් කර ඇතැයි මාධ්‍ය හරහා වාර්තාවෙමින් තිබු මොහොතකය.
කෙසේවුවද, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ, ඇමෙරිකානු 'වීසා රහිත වැඩ සටහනට' (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිර යමින් තිබෙන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නැති බවයි.
වීසා රහිතව නිශ්චිත කාල සීමාවක් එක්සත් ජනපදයේ රැඳී සිටිය හැකි පුද්ගලයන් අයත් රටවල නාම ලේඛනය ඇතුළත් ප්‍රකාශනයක් ද ඇමෙරිකානු තානපති කාර්යාලීය නිවේදනයට ඈඳා ඇත.
ඒ අනුව 'වීසා රහිත ඇමෙරිකානු වැඩ සටහනට' (Visa Waiver Program- VWP) අයත් රටවල් සංඛ්‍යාව තිස් අටක් වන අතර එම ලැයිස්තුවට අයත් ආසියානු රාජ්‍ය සංඛ්‍යාව හතරක් පමණි. එනම් බෘනායි, සිගප්පූරුව. තායිවානය සහ දකුණු කොරියාවයි.
ඉහත කී VWP වැඩ සටහන අනුව වීසා ලබා ගැනීමකින් තොරව අදාළ රටවල් තිස්අටේ බොහෝ පුරවැසියන්ට සංචාරක හෝ ව්‍යාපාරික අරමුණු අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයට අවස්ථාව සැලසෙයි.
එහෙත් එම පුද්ගලයන් සිය ඇමෙරිකානු සංචාරය ආරම්භ කරනු ලැබීමට පෙර එවැනි සංචාරයක් සඳහා බලය හිමිවෙන විද්‍යුත් අවසරය (ESTA) ලබා සිටිය යුතුය.
මේ අතර පැතිර යමින් තිබුණ ව්‍යාජ කටකතා මගින් කියවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවත් ත්‍රස්ත විරෝධී රාජ්‍ය අතරට එක් වූ හෙයින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටත් ඩොලර් දාහතරක් වැනි සුළු මුදලක් ගෙවා ඇමරිකාවට ඇතුළුවීමේ අවසර පත්‍රයක් ලබා ගත හැකි බවය.
එම ව්‍යාජ පුවත අන්තර්ජාලයෙහි විශාල පරිමාණයකින් හුවමාරු වෙමින් පැවතුනි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව 2017 වසරේ ද කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පැවසීය.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය යයි ඇමරිකානු තානාපති කාර්යාලය 2017 පෙබරවාරි මාසයේ නිකුත් කළ නිවේදනයේ ද සඳහන් විය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය 2017 වසරේත් එවැනි පියවරක් ගත්තේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ වාර්තා පළවෙමින් තිබියදීය.
(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)



