පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉදිරිදින කිහිපය ඇතුලත ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
පෙරේදා (18) වෙසක් දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඥානසාර හිමියන් පුද්ගලිකව මුණගැසී සාකච්ජා පවත්වා තිබිණ.
ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මුස්ලිම් අන්තවාදී සංවිධාන ගැන ඇති තොරතුරුද බොහෝමයක් ඥාණසාර හිමි විසින් ජනාධිපතිවරයාට එම හමුෙවේදී හෙලි කර තිබේ.
පසුගිය 21 වැනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි දීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඥාණසාර හිමියන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කර ඇති බව සඳහන්ය.
ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කරන්නැයි මහ නාහිමිවරුන්, ඇතැම් බෞද්ධ හා මුස්ලිම් සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකුද ඇතුළු පාර්ශව ගණනාවක් කාලයක් තිස්සේ ජනාධිපතිවරයාට ඉල්ලීම් කර තිබින.
සබැඳි පුවත් :
ජනාධිපති බන්ධනාගාරයට : ඥානසාර හිමි සමග රහස් කතා !



