නියාමනය කිරීමට පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා අද (20) දින දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළ අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
"ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි. මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි.
මේ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කළ යුතුයි. බංගලාදේශ නීතියට අනුව ඒ අය එය හඳුන්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලෙසයි. ආගම, කුලය ගැන සළකන්නේ නැතිව වෙනත් පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුළත් කළ යුතු බව එහි පස්වැනි වගන්තියේ සඳහන් වනවා.
මේ අනුව මෙම කරුණු සහ පාලක මණ්ඩලය හා ඒ පාලක මණ්ඩලයේ සුදුසුකම් හා එහි වැඩකොටස් සිදු කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් සංශෝධනයට ලක් කෙරෙනවා. එමෙන්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් ලැබෙන යෝජනා ද සළකා බැලිය යුතුයි.
මීට අමතරව මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කර තිබෙනවා. එහි ඇතැම් වැඩකටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශය හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය එකතුවී ක්‍රියා කිරීමට සිදුවේවි.
මෙම කාරණා දෙක පිළිබඳව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු යෝජනා ඉදිරිපත් කළා. ඔවුන්ගේ එම යෝජනා පිළිබඳව සාකච්ඡා කොට මා ද ඒවා අනුමත කළා. ඒ අනුව එයට සහයෝගය ලබාදෙනවා.''
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද සහභාගී විය.
පූනානිහි ඉදිවෙමින් පවතින විශ්වවිද්‍යාලයේ පිවිසුම් දොරටුව
පුනානිහි ඉදිකරමින් පවතින අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් වේ.
"ජාතීන් වෙන් කර හෝ ආගම් වෙන් කර විශ්වවිද්‍යාල ස්ථාපනය කිරීම හරහා ඇති වන ජනවාර්ගික වෙනස්කම් හේතුවෙන් රට බෙදුම්වාදයට තල්ලු කිරීමේ හැකියාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
එබැවින් අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඔහු පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටී.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කියා සිටියේ අදාළ අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් "සැක සංකා මතුව ඇති බැවින්," විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග කටයුතු කර ඒවා නිවැරදි කර ගත යුතු බවය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර ප්‍රදේශයේ කළ සංචාරයකදී කියා සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වශයෙන් එය පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවය.
"ඒ පිළිබඳ රටේ මතයක් ඇති වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ම ඒ පිළිබඳ අවබෝධයක් නැති නිසයි. ඒ නිසා මේ විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ මොනවා ද? ඒ විෂයයන් මොනවා ද? පාඨමාලා මොනවා ද? කියන කාරණා පිළිබඳ පැහැදිලි තීරණයක් ගත් විට මේ චෝදනා ඉවත් වේවි." යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



