The Leader News
BREAKING
Top Ad
පුවත්

දකුණේ සිටි විදෙස් සරණාගතයින් විරෝධතා මැද වවුනියාවට

T

The Leader Desk

May 20, 2019 • 1:10 PM

දකුණේ සිටි විදෙස් සරණාගතයින් විරෝධතා මැද වවුනියාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩනැගිල්ලක් වෙත රැගෙනවිත් ඇති බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පවසයි.
  • නිර්මලනාදන් මන්ත්‍රීවරයා පැවසුවේ, දකුණට එපා වූ පිරිස් භාර ගැනීමට වවුනියාවේ මුස්ලිම් දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවය.
  • ඊට වවුනියාව හා උතුරේ ජනතාව අකමැති බව ද ඔහු පැවසීය.
  • පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන සරණාගතයින් පිරිස වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි ‍ගොඩනැගිල්ලක් වෙත සිකුරාදා (මැයි 17) රාත්‍රියේ රැගෙනවිත් තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩනැගිල්ලක් වෙත රැගෙනවිත් ඇති බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පවසයි.

නිර්මලනාදන් මන්ත්‍රීවරයා පැවසුවේ, දකුණට එපා වූ පිරිස් භාර ගැනීමට වවුනියාවේ මුස්ලිම් දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවය.

ඊට වවුනියාව හා උතුරේ ජනතාව අකමැති බව ද ඔහු පැවසීය.

පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන සරණාගතයින් පිරිස වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි ‍ගොඩනැගිල්ලක් වෙත සිකුරාදා (මැයි 17) රාත්‍රියේ රැගෙනවිත් තිබිණි.

 107028281 a912eb78 4ce6 4484 93ef 8986e786017e

"රටේ කොතැනකට හෝ සරණාගතයින් රැගෙනවිත් නවාතැන් ලබාදෙන්නේ නම් අදාළ ප්‍රදේශයේ ජනතාවගෙන් හෝ ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරන දේශපාලන නියෝජිතයින්ගේ මතය ලබාගත යුතු වෙනවා."

"ඒත් රජය මේ දක්වා එවැනි නිල අදහස් ලබා ගැනීමක් සිදුකරලා නෑ. රජය විදේශීය රටක සරණාගතයින් පිරිසක් උතුරේ පදිංචි කිරීම හිතුවක්කාරි ආකාරයට තමයි සිදුකරන්නේ. ඒකට අපි විරුද්ධයි," යනුවෙන් වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් පැවසීය.

 

එල්ටීටීඊ පුනරුත්තාපන කඳවුරක් :

පූන්තෝට්ටමි පුනරුත්තාපන කඳවුරු පරිශ්‍රයේ මේ වන විට පුනරුත්ථාපනය වෙමින් සිටින්නේ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් පමණක් වන බවත් ඔහු නිදහස් වීමෙන් අනතුරුව එම ස්ථානයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට කලින් තීරණය කර තිබූ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

"ඒ පුහුණු මධ්‍යස්ථානය වෙත සරණාගතයින් ගෙනැල්ලා දැම්මාට පස්සේ උතුරේ තරුණ තරුණියන්ගේ ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒ හින්දා තමයි අපි මේ සරණාගතයෝ වවුනියාවේ පදිංචි කරනවාට විරුද්ධ වෙන්නේ." නිර්මලනාදන් ප්‍රකාශ කළේය.

එම ස්ථානයේ කටයුතුවලට සම්බන්ධ, නම සඳහන් කිරීමට අකමැති පුද්ගලයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, පාකිස්තාන ජාතිකයින් 19 දෙනෙකු සහ ඇෆ්ගනිස්තාන ජාතිකයින් 16‍ දෙනෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් රැගෙන එනු ලැබූ බවය.

මෙම පිරිස ගෙන ඒමට පෙර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රදේශයේ දේශපාලකයින් සහ නිලධාරීන් සහභාගි වූ රැස්වීමකදී ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කර තිබේ.

 

යුද හමුදා ආරක්ෂාව :

 එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ, සරණාගත පිරිස මාසයකට පමණ කාලයකට එහි රඳවන බවය. නමුත් එම රැස්වීමට සහභාගි වූ ප්‍රදේශයේ දේශපාලකයින් සහ නිලධාරීන් ඇමතිවරයාගේ යෝජනාවට එකඟ නොවූ බව වාර්තා වේ.

තිලක් මාරපන ඇමතිවරයා සහභාගි වූ එම රැස්වීම පිළිබඳව ආරංචි වුව ද දෙමළ ජාතික සංවිධානයට ඒ පිළිබඳව නිල දැනුම් දීමක් නොකළ බව නිර්මලනාදන් මන්ත්‍රීවරයා කීය.

රජය මෙම සරණගාගතයින් පිරිස වවුනියාවට රැගෙනවිත් කඳවුරු ගත කිරීමට රජය ගත් තීරණය තමන් හෙළා දකින බව ද ඔහු පැවසීය.

අදාළ ස්ථානය පිළිබඳ‍ තොරතුරු විමසීමට වවුනියාවේ මාධ්‍යවේදීන් එම ස්ථානයට ගිය අවස්ථාවේ එහි ආරක්ෂාව භාර නිලධාරීන් පැවසුවේ එහි ජායාරූප හෝ වීඩියෝ ගැනීමට අවසර නොමැති බවය.

සරණාගත පිරිස රඳවා ඇති ස්ථානය වෙත යුද හමුදා ආරක්ෂාව යොදා ඇති අතර ඇතුළු වන මාර්ගය දෙපස යුද්ධ හමුදා නිලධාරීහු රැකවල් ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර පවතින එකඟතාව මත සරණාගතභාවය පතා පැමිණෙන විදේශිකයන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ තාවකාලිකවය.

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණේ සිටි විදෙස් සරණාගතයින් විරෝධතා මැද වවුනියාවට | The Leader