ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
ඊයේ (20) පස්වරුවේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.
''මැයි මස 13 වනදා නාත්තන්ඩිය, හෙට්ටිපොල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් දැඩි ලෙස හෙලා දකිනවා. මෙම පහරදීම් පිටුපස සිටියේ සාමාන්‍ය මිනිසුන් නොවෙයි. පොහොට්ටුවේ සාමාජිකයන් විසින් කල ප්‍රකෝප කිරීම් නිසා ඇති වූ දෙයක්, මෙයින් පැහැදිලි වෙන්නේ මේ සිද්ධියෙන් ඔවුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බවයි.
මේ ප්‍රහාර වලදී ගුටිකෑවේ වඩේ විකුණන, බත්පැකට් විකුණන අහිංසක සාමාන්‍ය මිනිස්සු. ත්‍රස්තවාදීන් මෙහිදී ගුටි කෑවේ නැහැ. අපි කියන්නේ CCTV දර්ශන ඇතුළු වෙනත් සාධක උපයෝගීකරගෙන මෙම සිද්ධි පිලිබඳ කඩිනම් පරීක්ෂණයක් කල යුතුයි.
පසුගියදා ඇති වූ සිද්ධි නැවත මෙරටේ ඇති නොවන්නට ඒ පිලිබඳ දැඩි අවධානයකින් යුතුව ආරක්ෂක විධිවිදාන තර කළ යුතුයි"
''විශ්වාසභංගයේදී රිෂාඩ්ට එරෙහි වෙනවා''
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විස්වාසභංගයෙදී තමන් ඊට පක්‍ෂව ඡන්දය ලබා දීමට තීරණය කළ බව ද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා එම මාධ්‍ය හමුවේදී පැවසිය.
ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,
" පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් පිලිබදව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුධ හමුදාපතිවරයට බලපෑම් කළ බව මේ වන විට සනාථ වී තිබෙනවා. යුධ හමුදාපති ප්‍රකාශ කර තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බව, ඒ වගේම අමාත්‍යවරයාත් ඇමතුම් ලබා දුන් බව පිළිගෙන තිබෙනවා.
මෙම තත්ත්වය මත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලට අමාත්‍යවරයාගේ හැසිරීමෙන් බලපෑමක් සිදුවන බවට ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා. මේ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමට පෙර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සියධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ''
එසේ නොවුනොත් විශ්වාසභංග යෝජනාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව තමන් ඡන්දය ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
රිෂාඩ් හමුදාපතිට බලපෑම් කළා ද ? නැද්ද ?
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුධ හමුදාපතිවරයට බලපෑම් කළ බව මේ වන විට සනාථ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා චෝදනා කලද යුධ හමුදාපතිවරයා පවසන්නේ තමන්ට කලේ බලපෑමක් නොව ඉල්ලීමක් බවයි.
පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට කතා කලේ යයි ද එය බලපෑමක් නොව ඉල්ලීමක් ලෙස සැලකිය හැකි බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.
ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයකු නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් බදුර්දින් මහතා ආරක්ෂක අංශවලට බලපෑම් කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක කල විමසීමකදී හමුදාපතිවරයා ඒ බව සඳහන් කළේය.
සබැඳි පුවත් :



