The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල්ට ඉවත්වන්නැයි ලිපියක් යැව් වැලිගම නගරාධිපති එජාපයෙන් දොට්ට !

T

The Leader Desk

May 21, 2019 • 4:15 PM

රනිල්ට ඉවත්වන්නැයි ලිපියක් යැව් වැලිගම නගරාධිපති එජාපයෙන් දොට්ට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සලකා පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්න ලෙසත් ඉල්ලා සිටිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබු වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ඩි ජයවික්‍රම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීමට එජාප මහ ලේකම්වරයා කටයුතු කර ඇත.
  • පක්ෂ ව්‍යවස්ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ පක්ෂ නායකත්වයට පැවරී ඇති බලතල අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මේ පිළිබඳ අවසන් තීරණයට එළැඹෙන තුරු ඔබේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි එජාප මහ ලේකම්වරයාගේ ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ.
  • පක්ෂ ව්‍යාවස්ථාවට අනුව ඉදිරි පියවර ගැනීම සඳහා මේ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත වාර්තා කරන්නෙමි.' යයි එජාප මහ ලේකම්වරයාගේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන්වේ.
  • එජාප මහ ලේකම්වරයා විසින් වැලිගම නගරාධිපතිවරයට යොමුකර ඇති ලිපියෙහි පිටපතක් පහත පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සලකා පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්න ලෙසත් ඉල්ලා සිටිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබු වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ඩි ජයවික්‍රම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීමට එජාප මහ ලේකම්වරයා කටයුතු කර ඇත.

රෙහාන් ඩි ජයවික්‍රම මහතාට එරෙහිව වහාම විනය ක්‍රියා මාර්ගයක් ගන්නැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කර තිබු ලිඛිත ඉල්ලීම අනුව එම පියවර ගෙන ඇත්තේ, නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයටත්, එහි නායකත්වයටත් අගතියක් හා අනර්ථයක් සිදුවී ඇති බව ලිඛිතව සඳහන් කරමිනි.

පක්ෂ ව්‍යවස්ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ පක්ෂ නායකත්වයට පැවරී ඇති බලතල අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මේ පිළිබඳ අවසන් තීරණයට එළැඹෙන තුරු ඔබේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි එජාප මහ ලේකම්වරයාගේ ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ.

''ඔබ එජාප කෘත්‍යාධිකාරී කමිටුවේ තීරණයන්ට පටහැනිව ක්‍රියා කර ඇති බවත්, පක්ෂ ව්‍යාවස්ථාවේ 3.3 (අ), (ආ), (ඇ) සහ 3.4 (අ), (ආ), (ඉ) සහ (ඊ) වගන්ති උල්ලංඝනය කර ඇති බවත්, පක්ෂ සාමාජිකයෙකුගේ වගකීම් පැහැර හරිමින් පක්ෂයට, පක්ෂ නායකත්වයට සහ පක්ෂයේ තීරණයන්ට අගතියක් හා අනර්ථයක් කර ඇති බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

පක්ෂ ව්‍යාවස්ථාවට අනුව ඉදිරි පියවර ගැනීම සඳහා මේ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත වාර්තා කරන්නෙමි.' යයි එජාප මහ ලේකම්වරයාගේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන්වේ.

එජාප මහ ලේකම්වරයා විසින් වැලිගම නගරාධිපතිවරයට යොමුකර ඇති ලිපියෙහි පිටපතක් පහත පළවේ.

 Letter to Rohan

 

රනිල් තැතිගැන්වූ රේහාන් ගේ හසුන්පත :

අනාගත ජනාධිපතිවරණයක් පෙනී පෙනී තිබෙනා මෙවන් මොහොතක පක්ෂයේ සහ රටේ අනාගත සුභ සිද්ධිය උදෙසා අමාත්‍ය සජිත් ප්‍රේමදස මහතාට පක්ෂ නායකත්වය බාර කල යුතු අවස්ථාව උදා වී ඇති බවත් තමන් ඉදිරිපත් කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු අපේක්ෂාව බවත් රෙහාන් ඩි ජයවික්‍රම මහතාගේ ලිපියේ සදහන් වේ.

 

අදාල ලිපිය පහතින් ...

ගරු රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
අරලිය ගහ මන්දිරය
කොළඹ 03.

ගරු නායකතුමනි,

තෙවෙන පරම්පරාවේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයකු ලෙස මම ඔබට ලියමි. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ ඉතාමත් ගෞරවනීය නායකයන් වන මගේ සීයා වන මේජර් මොන්ටි ජයවික්‍රම සහ ජෙනරාල් රන්ජන් විජේරත්න ඔවුන්ගේ රටට වැඩ කළහ. ජෙනරාල් රන්ජන් විජේරත්න මහතා පක්ෂයේ මහලේකම්වරයා පමණක් නොව, ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා වඩාත් ඵලදායී ආරක්ෂක අමාත්‍යවරුන්ගෙන් එක් අයකු වන අතර අපේ එකම ආරක්ෂක අමාත්‍යවරයා රාජකාරියේ දී මරා දමනු ලැබීය. ඔවුන්ගේ උරුමයට ගරු කිරීමක් ලෙස, තවත් පමා නොවන කටයුතු කළ යුතු ය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගත කෙරුණු තරුණ වියේ සිට මගේ දේශපාලන අභිමතාර්ථය වූයේ දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වීමටයි. මගේ මුතුන් මිත්තන් මෙන් මා වැලිගම හා මගේ රටට සේවය කිරීම මාගේ අභිමතාර්ථය කරගත්තේය . මගේ ප්‍රාථමික පාසැල් මිතුරන් වෙනත් ළමා පොත් කියවමින් සිටියදී, මම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අධ්‍යනය කලෙමි. ඒ මාගේ වියෝවූ සුළු පියා වූ මනෝ විජේරත්නගෙන් ලබා ගෙනය.

2018 වර්ශය්දී, 20 වසරක් සපිරෙන තැන වැලිගම නියෝජනය කරමින්, මා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඉන් පසුව 81% ක් ලබාගත් අතර, ඕනෑම අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම දිවයින ප්‍රතිශතයක් ලබාගත් අතර වැලිගම නගර සභාවේ සභාපතිවරයා ලෙස පත් විය. මෙම ජයග්‍රහණය ලබා ගත හැකි වූයේ මගේ දිස්ත්‍රික්ක නායකයා වූ ගරු මංගල සමරවීර මහතාගේ සහයෝගයෙනි.

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ මාගේ ඡන්ද කොට්ඨාසයට සේවය කිරීම මා ප්‍රතිඥා දී ඇත. වැලිගම එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම රට වට සිටින ජනතාවද, අපේ පක්ෂයේ ඊළඟ පරිච්ඡේදය ආරම්භ කිරීමට, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගරු සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට කාලය එළඹ ඇති බව විශ්වාස කරමි. පක්ෂ නායකයන් හට මම ප්‍රසිද්ධියේ විරුද්ධ වුවහොත් මා පක්ෂයෙන් නෙරපා දැමීමට ඇති හැකියාව ගැන පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් මා හට අනතුරු ඇඟවුවෙමි. අතීතයේදී මේ සඳහා වෙනත් අය පක්ෂයෙන් නෙරපා ඇති බවටද මා හට අනතුරු ඇඟවීය. විජේරත්න සහ ජයවික්‍රම යන පෙළපතින් පැවත එන්නෙක් ලෙස, විශේෂයෙන්ම මෙවන් ජාතික අර්බුදකාරී අවස්ථාවකදී, සත්‍යය පැවසීමට සහ එම හේතුව නිසා ඇතිවිය හැකියි ඕනෑම ප්‍රතිවිපාකයකට මුහුණ දීමට මම සූදානම් ව සිටිමි.

ගරු අග්‍රාමාත්‍ය තුමනි, අද අපේ රට ප්‍රහාරයට ලක් වී ඇත. රටේ ජනතාව පීඩාවට පත් වී ඇත. බියෙන් පෙළෙනු ඇත. බෙදී වෙන් වී ඇත. සුළු කාලයකින් අප පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය තීරණය කරන මැතිවරණයකට මුහුණ දිය යුතුයි. අප පක්ෂයේ සියලු වග කිව යුතු සාමාජිකයෙකු දන්නා දෙයක් ඇත. එනම් මෙම මැතිවරණයට මුහුණ දීම සඳහා මේ රටේ පොදු ජනතාවගේ හද ගැසීම, ඔවුන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂා හඳුනා ගත හැකි නායකත්වයක් අපේ පක්ෂයට අවශ්‍ය වනු ඇත.

නායකතුමනි, පක්ෂයක් ලෙස අපි බැට කෑවා ඇති. ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද බොහෝ දේශපාලන නායකයින් – රන්ජන් විජේරත්න, ප්‍රේමදාස ජනාධිපති තුමා, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා – ඔවුන් සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් විය. ගත වූ අවුරුදු 25 තුල පක්ෂය පසුබැසීම් වලට පමණක් ලක් විය. 1989 වර්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කර නොමැත.

ඔබ තුමා ඔබේ දේශපාලන ජීවිතයේ උසස් ස්ථානයක සිටි විට, 2000 හා 2005 ජනාධිපතිවරණ පරාජය වුයේ ඔබට පාලනය කල නොහැකි සාධක නිසාය. එදා සිට අද වන තුරු අපේම කියා ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තරම් වත් ශක්තියක් පක්ෂයට නොමැති විය. මම මෙම ලිපිය ලියන්නේ ඔබත් සමග ඇති අමනාපකමකට වත්, විරුද්ධත්වයකටත් නොවේ. මේ පක්ෂය හෙබවීමට හිමි ඔබගේ කාලය අවසන් වී ඇති බව මම තරයේ විශ්වාස කරන නිසාය.

පක්ෂයේ නායකත්වය, ඔබගේ නියෝජ්‍ය නායක වෙත භාර දීමට ආත්ම ශක්තිය ඇති බව මම අපේක්ෂා කරමි. ඒ සඳහා කාලය පැමිණ ඇත අග්‍රාමාත්‍ය තුමනි,

ගරු සාගල රත්නායක වැනි පුද්ගලයන්ට අපේ පක්ෂයේ මග පෙන්වීම භාර දීම, පක්ෂය අස්ථාවර කර ඇත. ජනාධිපති තුමාට තරම් පුද්ගලික ආරක්ෂක මණ්ඩලයක් සමග දකුණු පළාත පුරා සැරිසරමින්, පක්ෂ නායකත්වය හා අපේ පක්ෂයේ තරුණ දේශපාලන නායකයින් අතර නොසංවේදී කඩුල්ලක් සේ කටයුතු කිරීම, අප පක්ෂයේ දේශපාලන නායකයින්ට ජනතාවට පැහැදිලි කිරීම අපහසු කාර්යයක් වී ඇත. නිහතමානි ලෙස මම අනාවැකියක් පල කරන්නේ නම්, රත්නායක මහතාගේ දේශපාලන ගමන ඔබගේ අනුග්‍රහය නැති වන දවසක අවසන් වන එක නිසැකයි. මාතර ජනතාව බලා සිටින්නේ මීළඟ චන්ධයෙදී ඔහුට මේ බව සනාත කිරීමටය.

මෙම ප්‍රයත්නයට මට සහය ලැබුනත් නො ලැබුනත්, මම මේ මතයේ ම සිටින්නෙමි. මේ නිසා මට අස් වීමට සිදු වුවහොත්, ඒ සඳහා ද මම සුදානම්ය. වැලිගම ජනයාට අවශ්‍ය වී ඇත්තේ අලුත් නායකයෙකි. ඔවුන්ගේ එම අපේක්ෂාවට සහය වන්නට මම බැන්දී ඇත. මක්නිසාද, මම ඔවුන්ගේ සේවකයා වන නිසා ය.

රෙහාන් ඩී. විජේරත්න ජයවික්‍රම
සභාපති
වැලිගම නගර සභාව

සබැඳි පුවත් :

රනිල් එලවන්න දකුණෙන් කැරැල්ලක් ! - වැලිගම සභාපතිගේ ලිපියට රෝසිගේ ප්‍රතිචාරය මෙන්න

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්ට ඉවත්වන්නැයි ලිපියක් යැව් වැලිගම නගරාධිපති එජාපයෙන් දොට්ට ! | The Leader