The Leader News
BREAKING
Top Ad
පුවත්

"ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ" - ශ්‍රේෂ්ඨාධිකරණය දෙවරක්ම තීන්දු කරලා

T

The Leader Desk

May 22, 2019 • 2:43 AM

"ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ" - ශ්‍රේෂ්ඨාධිකරණය දෙවරක්ම තීන්දු කරලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
  • හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ ප්‍රධානතත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් සහ විනිසුරු රාජා ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ඒ බව තීන්දු කරනු ලැබ ඇති බව ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
  • වසරේ දී ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ ෆේස්බුක් ඔස්සේ 'බීබීසී සිංහල සේවය' සමග සජීව ලෙසින් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර ඇත්තේ, යහපාලන ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතව තිබු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
  • ශ්‍රී ලංකා රාජ්‍යය බුදු දහම ආරාක්ෂා කරමින් පෝෂණය කළ යුතු බව සඳහන් 1978 ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය සංශෝධනය කිරීමේ කිසිම සූදානමක් නොමැති බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා බීබීසී සාකච්ජාවේදී අවධාරණය කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ ප්‍රධානතත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් සහ විනිසුරු රාජා ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ඒ බව තීන්දු කරනු ලැබ ඇති බව ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

2017 වසරේ දී ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ ෆේස්බුක් ඔස්සේ 'බීබීසී සිංහල සේවය' සමග සජීව ලෙසින් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර ඇත්තේ, යහපාලන ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතව තිබු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

 

"අනාගමික ව්‍යවස්ථාවක්"

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව පත්කරන ලද අණු කමිටු හතක වාර්තා ද ඇසුරු කරගනිමින් මෙහෙයුම් කමිටුව විසින් සම්පාදනය කරන ලද අතුරු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සැප්තැම්බර් 21 වෙනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේය.

එම අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් මැති, ඇමතිවරුන් 20 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, පරමාධිපත්‍යය, බලය බෙදා හැරීම, බුදු දහමට හිමි ස්ථානය, මැතිවරණ ක්‍රමය, විධායකය සහ අධිකරණ ක්‍රමය පිළිබඳව දීර්ඝ වශයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍යය බුදු දහම ආරාක්ෂා කරමින් පෝෂණය කළ යුතු බව සඳහන් 1978 ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය සංශෝධනය කිරීමේ කිසිම සූදානමක් නොමැති බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා බීබීසී සාකච්ජාවේදී අවධාරණය කර තිබිණ.

ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉහත ප්‍රකාශ 'බීබීසී සිංහල සේවය' 2017 ඔක්තෝබර් 14 දා වාර්තා කර තිබුනේ "ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ; අනාගමික රාජ්‍යයක්" යන ශීර්ෂයෙන් යුතුවය.

අදාල බීබීසී වාර්තාව

"ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ; අනාගමික රාජ්‍යයක්"

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

"ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ" - ශ්‍රේෂ්ඨාධිකරණය දෙවරක්ම තීන්දු කරලා | The Leader