The Leader News
BREAKING
Top Ad
පුවත්

ගමන් යනවිට පාර වහන ඇමති මෙන්න - ජනපති හෙළිකරයි

T

The Leader Desk

May 22, 2019 • 3:18 AM

ගමන් යනවිට පාර වහන ඇමති මෙන්න - ජනපති හෙළිකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර එහිදී වසා දමා තිබූ මාර්ගයන්හි සිටි වාහන හා යතුරුපැදිවල හිමිකරුවන් නලා ශබ්ද කරමින් සිය විරෝධය පළකරන ආකාරය දැක්වේ.
  • මේ සම්බන්ධයෙන් ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම තුලද කතාබහට ලක්ව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සිනාසෙමින් පවසා ඇත්තේ එසේ පාරවල් වසා ගෙන ගමන්කර ඇත්තේ තමා යටතේ ඇති අමාත්‍යංශයක රාජ්‍ය ඇමතියකු බවයි.
  • එසේ ගමන්කර ඇත්තේ ජනාධිපති බව ජනතාවගේ අදහස වී ඇතැයි ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ අවස්ථාවේදී සඳහන් කර තිබේ.
  • " ඇමති කෙනක් යනකොට පාර වහලා.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර එහිදී වසා දමා තිබූ මාර්ගයන්හි සිටි වාහන හා යතුරුපැදිවල හිමිකරුවන් නලා ශබ්ද කරමින් සිය විරෝධය පළකරන ආකාරය දැක්වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම තුලද කතාබහට ලක්ව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සිනාසෙමින් පවසා ඇත්තේ එසේ පාරවල් වසා ගෙන ගමන්කර ඇත්තේ තමා යටතේ ඇති අමාත්‍යංශයක රාජ්‍ය ඇමතියකු බවයි.

එසේ ගමන්කර ඇත්තේ ජනාධිපති බව ජනතාවගේ අදහස වී ඇතැයි ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ අවස්ථාවේදී සඳහන් කර තිබේ.

මෙම කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙසේ පැවසිය. " ඇමති කෙනක් යනකොට පාර වහලා. මිනිස්සු පීඩනයකින් ඉන්නේ. හෝන් ගහලා පෙන්නුවේ ඒ පීඩනයයි. මිනිස්සු දරාගෙන ඉන්නේ ටිකයි. ඇමතිලා කවුද යනකොට පාර වහන්න"

මෙම රාජ්‍ය ඇමතිවරයා පසුගිය දිනක ද ආරක්ෂක අංශ සමග විශාල රථ සංඛ්‍යාවක් පිරිවරාගෙන ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබු අතර එය බොහෝදෙනාගේ දැඩි විවේචනයට ලක්විය.

වීඩියෝව මෙතැනින් නරඹන්න

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගමන් යනවිට පාර වහන ඇමති මෙන්න - ජනපති හෙළිකරයි | The Leader