The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපති ධම්මික : අගමැති තිලංග

T

The Leader Desk

May 22, 2019 • 5:02 PM

ජනාධිපති ධම්මික : අගමැති තිලංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙස කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් දියත්ව ඇති අතර දේශපාලනඥයින් ඊට ප්‍රතිචාර දක්වා ඇත.
  • දිසානායක මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුනේ ධම්මික පෙරේරා කියන්නේ 'කැසිනෝ කාරයකු' බවයි.
  • මෙම කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වෙමින් පවතින අතර සුරංග සම්පත් සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ '' ධම්මික පෙරේරා ජනාධිපති : තිලංග සුමතිපාල අගමැති'' ලෙසය.
  • ඒ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා 'රේස් බයි රේස්' බුකි කරුවකු බව නොකියා කියමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් දියත්ව ඇති අතර දේශපාලනඥයින් ඊට ප්‍රතිචාර දක්වා ඇත.

රාජපක්ෂවරුන්ට පක්ෂපාති භූමිකාවක් ඉටුකරමින් සිටින සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුනේ ධම්මික පෙරේරා කියන්නේ 'කැසිනෝ කාරයකු' බවයි.

මෙම කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වෙමින් පවතින අතර සුරංග සම්පත් සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ '' ධම්මික පෙරේරා ජනාධිපති : තිලංග සුමතිපාල අගමැති'' ලෙසය. ඒ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා 'රේස් බයි රේස්' බුකි කරුවකු බව නොකියා කියමිනි.

 FB

මේ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසන්නේ, 2020 ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඔහු මේ බව පැවසුවේ, කොළඹදී ඊයේ (21) පස්වරුවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ වන විට ජනතාව දැනුවත් භාවයෙන් පසුවන බවත් ඉදිරියට ජනතාව නොමඟ යැවිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. ඉදිරියට රට සංවර්ධනය කරන විසඳුම් වලින් මිස කිසිවෙකුට ඉදිරියට පැමිණිය නොහැකි බවත් ජනතා දැනුවත්භාවය තුළින් රටේ ඉදිරි අනාගතය ඉතා හොඳ විය හැකි බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යූගත කිරීම පිළිබඳව පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා ලෙසින් වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා එක්විය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපති ධම්මික : අගමැති තිලංග | The Leader