The Leader News
BREAKING
Top Ad
පුවත්

'වොයිස් කට්' නැහැ : ඥානසාර හිමි පසුපස දොරෙන් පිටවයති

T

The Leader Desk

May 23, 2019 • 4:02 PM

'වොයිස් කට්' නැහැ : ඥානසාර හිමි පසුපස දොරෙන් පිටවයති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රහස්පතින්දා (මැයි 23) සවස් යාමයේ එහිමියන් සිය විහාරස්ථානය වෙත පැමිණීමට නියමිත බවත් කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සඳහන් කළේය.
  • අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණි.
  • වගඋත්තරකාර ඥානසාර හිමි සඳහන් කර තිබුනේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවය.
  • ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ භික්ෂූන් මෙන්ම දේශපාලනඥයන් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිදහස ලැබීමෙන් අනතුරුව ආරක්ෂාව පිණිස එහිමියන් බන්ධනාගාරයේ පසුපස දොරෙන් පිටව ගිය බව 'බීබීසී සිංහල සේවය' සමඟ කියා සිටි බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා, ඉන් අනතුරුව එහිමියන් ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් වැඩවසන විහාරස්ථානය වෙත පැමිණි බවත් පැවසීය.

බ්‍රහස්පතින්දා (මැයි 23) සවස් යාමයේ එහිමියන් සිය විහාරස්ථානය වෙත පැමිණීමට නියමිත බවත් කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සඳහන් කළේය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණි.

නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුවය.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවය.

වගඋත්තරකාර ඥානසාර හිමි සඳහන් කර තිබුනේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවය.

ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ භික්ෂූන් මෙන්ම දේශපාලනඥයන් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් බවට ද චෝදනා එල්ල විය.

(බීබීසී සිංහල සේවය)

 ඥානසාර හිමි පිළිගැනීමට පැමිණ සිටි ජනතාව ...

BBS 23 2

BBS 23 3

BBS 23 4

BBS 23 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'වොයිස් කට්' නැහැ : ඥානසාර හිමි පසුපස දොරෙන් පිටවයති | The Leader