The Leader News
BREAKING
Top Ad
පුවත්

'දිවයින' පුවත: වෛද්‍යවරයෙක් අත්අඩංගුවට! - මාධ්‍යවේදියා හතරවෙනි තට්ටුවට!

T

The Leader Desk

May 25, 2019 • 7:09 AM

'දිවයින' පුවත: වෛද්‍යවරයෙක් අත්අඩංගුවට! - මාධ්‍යවේදියා හතරවෙනි තට්ටුවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළිබඳව මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පතේ පළවූ ප්‍රධාන පුවතට අදාලව මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු කුරුණෑගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
  • එහෙත් එසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා ය.
  • අද(25) අලුයම ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ ය.
  • මෙම වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්වූවකු බව 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳව මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පතේ පළවූ ප්‍රධාන පුවතට අදාලව මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු කුරුණෑගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එහෙත් එසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා ය. සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද(25) අලුයම ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ ය.

මෙම වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්වූවකු බව 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තා කරයි.

එසේම, මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා 'ලංකාදීප' වෙබ් අඩවියට පවසා ඇත.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවද වාර්තා වේ.

 

දිවයින මාධ්‍යවේදියා හතර වැනි තට්ටුවට !

සිංහල බෞද්ධ මව්වරුන් 4000 කට අධික පිරිසක් වඳභාවයට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 'දිවයින' පුවත්පතේ මාධ්‍යවේදී හේමන්ත රන්දුනු මහතාව අද (25) දහවල් හතර වැනි තට්ටුවට කැඳවා ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...