The Leader News
BREAKING
Top Ad
පුවත්

ටියුෂන් පංතියේ ගින්නෙන් සිසුන් දහසය දෙනකු ජීවිතක්ෂයට

T

The Leader Desk

May 25, 2019 • 2:53 PM

ටියුෂන් පංතියේ ගින්නෙන් සිසුන් දහසය දෙනකු ජීවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුළු අතරින් ගන කළු දුමාරය පැතිර යමින් තිබියදී උපකාරක පන්තියේ සිසුන් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන ගැනීමට තැත් කරද්දී ඔවුන් බිමට වැටෙන ආකාරය දක්නට ලැබුණ බව ඉන්දීය වාර්තා මගින් පැවසෙයි.
  • එහෙත් ගින්නට හේතුව වායුසමීකරණ පද්ධතියේ විදුලිය කාන්දුවක් විය හැකි බවට විශ්වාසයක් පළ වෙමින් ඇතැයි ඉන්දීය නිලධාරීහු පවසති.
  • පෞද්ගලික පාසල් ගොඩනැගිල්ලේ වහල ගින්නක් ඉක්මණින් පැතිර යා හැකි ද්‍රව්‍යවලින් නිමවා තිබුණ අතර එබැවින් ළමුන්ගෙන් පිරී තිබුණ පන්ති කාමර පුරා එම ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවත් ඉන්දීය නිලධාරීහු පවසති.
  • ගින්නට ගොදුරුව බරපතල ලෙස පිළිස්සුන සිසුන් විසිදෙනකුවත් ගුජරාට් ප්‍රාන්තයේ රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කවුළු අතරින් ගන කළු දුමාරය පැතිර යමින් තිබියදී උපකාරක පන්තියේ සිසුන් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන ගැනීමට තැත් කරද්දී ඔවුන් බිමට වැටෙන ආකාරය දක්නට ලැබුණ බව ඉන්දීය වාර්තා මගින් පැවසෙයි.

ගින්නට ගොදුරු වූ වැඩිදෙනා යොවුන් වියෙහි පසුවූ සිසුහු වෙති.

එම ගින්න හට ගැනීමට නියත හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත.

එහෙත් ගින්නට හේතුව වායුසමීකරණ පද්ධතියේ විදුලිය කාන්දුවක් විය හැකි බවට විශ්වාසයක් පළ වෙමින් ඇතැයි ඉන්දීය නිලධාරීහු පවසති.

පෞද්ගලික පාසල් ගොඩනැගිල්ලේ වහල ගින්නක් ඉක්මණින් පැතිර යා හැකි ද්‍රව්‍යවලින් නිමවා තිබුණ අතර එබැවින් ළමුන්ගෙන් පිරී තිබුණ පන්ති කාමර පුරා එම ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවත් ඉන්දීය නිලධාරීහු පවසති.

ගින්නට ගොදුරුව බරපතල ලෙස පිළිස්සුන සිසුන් විසිදෙනකුවත් ගුජරාට් ප්‍රාන්තයේ රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇත.

"පන්තිකාමර තුළ සිටිය සිසුන් ගින්නෙන් පිලිස්සීමෙනුත්, තවත් අය ගොඩනැගිල්ලෙන් පැනීමේදී වැටීමෙනුත් ජීවිතක්ෂයට පත් වුණා" ගුජරාට් ප්‍රාන්තයේ ගිනි නිවන හමුදාවේ දීපක් සප්තලේ AFP පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.

Dilhi

එම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මෙසේ සඳහන් කරයි.

"සුරාට් නගරයේ ඇති වූ ඛේදවාචකය ගන ඉතාම කනගාටුයි. මම විපතට පත් අයගේ පවුල් සමග මේ ශෝකය බෙදා ගැනීමට එකතු වෙනවා. පිලිස්සී ජීවිත බේරුණ සිසුන් ඉක්මනින් සුවපත් වේවි. මෙම විපතට ගොදුරු වූ අයට උදව් වෙන මෙන් ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවට සහ ප්‍රදේශයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා"

එසේම විපතට පත් අයට උදව්වෙන මෙන් අගමැතිවරයා ඉල්ලීමක් ද කරයි.

'සුරාට්' පාසල් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂා කොට දවස් තුනක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කරනු ලැබ ඇතැයි ගුජරාටයේ මහඇමති විජේ රූපානි ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉන්දියාවෙන් නිතරම මෙවැනි ගිනි ගැනීම් පිළිබඳව වාර්තා වෙන අතර පසුගිය පෙබරවාරි මාසයේ දිල්ලි නගරයේ හෝටලයක ඇති වූ ගින්නකින් දාහත් දෙනකු මරණයට පත්විය.

පෞද්ගලික උපකාරක පංතියේ එක අයිතිකරුවකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ටියුෂන් පංතියේ ගින්නෙන් සිසුන් දහසය දෙනකු ජීවිතක්ෂයට | The Leader