The Leader News
BREAKING
කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය හෙළිදරව්ව - 'කොබෙයි නෙතක ලේ කඳුලක්' නොවැ.12●පාර්ලිමේන්තු සේවයට දේශපාලන ඇඟිලි ගැසීම් බෑ: නීතිය හමුවේ ප්‍රබල තර්කයක්●ක්‍රෙස්කැට් ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය: කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයෙන් හලයි●පොලිස්පතිට දුන් නියෝගයෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක් !●රුපියල් ට්‍රිලියනයක බදු සහන සහ රේගු අධීක්ෂණයේ බරපතළ හිඩැස●කොළඹ ඉඩම් මිල සහ බිලියන 2,000ක බැංකු අවදානම●විදෙස් මත්පැන් බදු සහනයෙන් රජයට පාඩුවක්: IMF අනතුරු අඟවයි●විදුලි බිලට එකතු කරන්න ගිය බිලියන ගණනක අමතර බර●ඇපල් යතුරුපුවරුවේ රහස් වචන ලැයිස්තුව: දේශපාලන යෙදුම්වලටත් බලපෑම්●'සිතියම් සහිත පුරා විද්‍යාව' නව මුද්‍රණය 07වනදා ජනගත කරයි●
Top Ad
පුවත්

සමගිය බිඳ දමන සමාජ මාධ්‍ය ගැන පොලීසිය විමසිල්ලෙන් !

T

The Leader Desk

May 28, 2019 • 2:56 AM

සමගිය බිඳ දමන සමාජ මාධ්‍ය ගැන පොලීසිය විමසිල්ලෙන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වඩා කල්පනාකාරී වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මහජනතාව ගෙන් ඉල්ලා සිටියේය.
  • වෛරී ප්‍රකාශන තවදුරටත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කෙරෙමින් ඇතැයි ෆේස්බුක් පරිවර්තන සමූහය පවසයි.
  • එහි සභාපති රජිව් යසිරු සහ එම සමූහයේ සාමාජිකයෙකු වන ඉසුරු චාමර මේබව කියා සිටියේ 'නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට' වැඩසටහනට එක්වෙමිනි.
  • මෙම වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වර්තමානයේ ඇති වී ඇති ගැටලූවලට දේශපාලනඥයන් වගකිව යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වඩා කල්පනාකාරී වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මහජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම ඉල්ලීම සිදුකළේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය

වෛරී ප්‍රකාශනවලට වැට බැඳීම පිණිස පවතින නීතියේ විධි විධාන පවතින නමුත් රජය හෝ ආරක්ෂක අංශ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් ගෙන් දැඩි විවේචනයක් එල්ලවී ඇත.

වෛරී ප්‍රකාශන තවදුරටත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කෙරෙමින් ඇතැයි ෆේස්බුක් පරිවර්තන සමූහය පවසයි. එහි සභාපති රජිව් යසිරු සහ එම සමූහයේ සාමාජිකයෙකු වන ඉසුරු චාමර මේබව කියා සිටියේ 'නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට' වැඩසටහනට එක්වෙමිනි.

මෙම වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වර්තමානයේ ඇති වී ඇති ගැටලූවලට දේශපාලනඥයන් වගකිව යුතු බවයි.

දොඹගහවත්ත මහතාගේ කතාව

 

රජය විවේචනය වෛරී ප්‍රකාශන නොවේ !

කෙසේවුවද Facebook තුලින් රජය, ජනාධිපතිවරයා හා අගමැති විවේචනය කිරීම වෛරී ප්‍රකාශන නොවන බවත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් බවත් නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

 

ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක්

ෆේස්බුක් සමාජ ජාලය තුළ සිංහල භාෂාවෙන් පළකෙරෙන වෛරී ප්‍රකාශන නිරීක්ෂණය සහ වාර්තා කිරීම පිණිස උපකාර කරන්නැයි ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවේ සමාජ ජාල විශ්ලේෂකයන් පිරිසක ගෙන් මිට ඉහතදී ඉල්ලීමක් කර තිබිණ.

යුධන්ජය විජේරත්න, ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සම කර්තෘ සංජන හත්තොටුව සහ සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන යන මහත්වරුන් වෙත එම ඉල්ලීම සිදුකර තිබිණ.

ෆේස්බුක් ජාලයේ ප්‍රකාශයට පත්වන වෛරී අදහස් ඉවත් කිරීම සිදුවන්නේ ඉතා මන්දගාමීව බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ද මීට ඉහතදී ප්‍රකාශකර තිබිණ.

මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ආගමික පදනමින් හිරිහැර සිදු කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලද 'බ්‍රිට්න් ෆස්ට්' (Britain First) අන්ත දක්ෂිණාංශික සංවිධානයේ ගිණුම් අත්හිටුවීමට ෆේස්බුක් සහ ට්විටර් සමාගම මිට ඉහතදී පියවර ගෙන තිබිණ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...