The Leader News
BREAKING
කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය හෙළිදරව්ව - 'කොබෙයි නෙතක ලේ කඳුලක්' නොවැ.12●පාර්ලිමේන්තු සේවයට දේශපාලන ඇඟිලි ගැසීම් බෑ: නීතිය හමුවේ ප්‍රබල තර්කයක්●ක්‍රෙස්කැට් ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය: කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයෙන් හලයි●පොලිස්පතිට දුන් නියෝගයෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක් !●රුපියල් ට්‍රිලියනයක බදු සහන සහ රේගු අධීක්ෂණයේ බරපතළ හිඩැස●කොළඹ ඉඩම් මිල සහ බිලියන 2,000ක බැංකු අවදානම●විදෙස් මත්පැන් බදු සහනයෙන් රජයට පාඩුවක්: IMF අනතුරු අඟවයි●විදුලි බිලට එකතු කරන්න ගිය බිලියන ගණනක අමතර බර●ඇපල් යතුරුපුවරුවේ රහස් වචන ලැයිස්තුව: දේශපාලන යෙදුම්වලටත් බලපෑම්●'සිතියම් සහිත පුරා විද්‍යාව' නව මුද්‍රණය 07වනදා ජනගත කරයි●
Top Ad
පුවත්

ඥානසාර හිමියන්ට නිදහස දුන්නේ ගෝඨාට බයේද ?

T

The Leader Desk

May 28, 2019 • 3:41 AM

ඥානසාර හිමියන්ට නිදහස දුන්නේ ගෝඨාට බයේද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බන්ධනාගාර සිරදඬුවමින් නිදහස් කරනු ලැබූවේ ඇයිද යන කාරණය මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබේ.
  • එහිදී ඇතිවූ එකඟතාවයන් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාකරන මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වාසි ලබාගැනීමට මෙවැනි තීරණයක් ගත්බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
  • ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතුන් පවසන්නේ ඥානසාර හිමියන් නිදහස් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය දුර්වල කිරීම සඳහා බවයි.
  • ''ගෝඨා හිටියා නම් මේ ප්‍රශ්ණෙ අවුරුදු තුනෙන් ඉවර කරනවා '' කෙසේවුවද ඊයේ (27) රාත්‍රී 'හිරු' නාලිකාවේ පැවති සජීවී සංවාදයකට එක්වෙමින් ඥානසාර හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉහලින්ම වර්ණනා කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

බන්ධනාගාර සිරදඬුවමින් නිදහස් කරනු ලැබූවේ ඇයිද යන කාරණය මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබේ.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම තිබියදී ජනාධිපතිවරයා උන්වහන්සේට පසුගිය 23 දිනයේ සමාවක් ප්‍රධානය කරනු ලැබුවේ ඇතැමුන්ගේ බරපතල විරෝධතාවයන් ද නොතකා හරිමිනි.

ජනාධිපතිවරයා පසුගිය වෙසක් පොහෝද වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් සිරගත කර සිටි ඥානසාර හිමියන් බැහැදුටු අතර දෙදෙනා අතර රහස් සාකච්ජාවක් ද පවත්වා තිබිණ.

එහිදී ඇතිවූ එකඟතාවයන් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාකරන මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වාසි ලබාගැනීමට මෙවැනි තීරණයක් ගත්බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතුන් පවසන්නේ ඥානසාර හිමියන් නිදහස් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය දුර්වල කිරීම සඳහා බවයි.

 

''ගෝඨා හිටියා නම් මේ ප්‍රශ්ණෙ අවුරුදු තුනෙන් ඉවර කරනවා ''

කෙසේවුවද ඊයේ (27) රාත්‍රී 'හිරු' නාලිකාවේ පැවති සජීවී සංවාදයකට එක්වෙමින් ඥානසාර හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉහලින්ම වර්ණනා කළහ. ''ගෝඨාභය හිටියා නම් මේ ප්‍රශ්ණෙ අවුරුදු තුනෙන් ඉවර කරනවා. ඒ මනුස්සයා විතරයි මට ඇහුම්කම් දුන්නේ'' උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසුහ.

වීඩියෝ - ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය

 

''කුමන්ත්‍රණය හරිහැටි හඳුනාගන්න''

කෙසේවෙතත් විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදී උන්වහන්සේව යම්කිසි අයුරකින් කොටුකරගැනීමේ සැලසුමක් පවතින බවට සැක පහළ වී ඇති බවයි.

එහි තරුණ කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර පැවැසුවේ උන්වහන්සේට නිදහස ලබාදීම යන කාරණය ඉතා පැහැදිලි මනසින් සහ නුවණින් උන්වහන්සේම තේරුම් ගතයුතුව පවතින බවයි.

මේ අවස්ථාවේදී තමන් වහන්සේව නිදහස් කිරීමට පියවර ගැනීම, එදා උන්වහන්සේ ඇතුළු භික්ෂුන්ට අන්තවාදීන් යැයි ඇඟිල්ල දිගු කළ අසාද් සාලි වැන්නවුන් උන්වහන්සේට නිදහස දෙන ලෙස පවසමින් බන්ධනාගාරයට පැමිණීම මෙන්ම තමන් වහන්සේ හිතන ලෙසට කිසිදු හේතුවක් නොමැතිව තමන් වහන්සේ සිරගත කළේ ඇයි? යන ප්‍රශ්නවලට තමන් වහන්සේම පිළිතුරු සපයා ගත යුතුයැයි ද හෙතෙම පැවැසීය.

රට, ජාතිය, බුද්ධශාසනය ආරක්ෂා කිරීමට උන්වහන්සේගේ ශක්තිය සහ ජවය තවදුරටත් අවශ්‍ය හෙයින් කුමන්ත්‍රණය හරිහැටි හඳුනාගෙන කටයුතු කරන ලෙස ගෞරවයෙන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ පැවැසීය.

සබැඳි පුවත් :
ඥානසාර හිමි පොදු අපේක්ෂකයා කරමු ! - සමාජ මාධ්‍ය කතිකාවක් !!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...