The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

මුස්ලිම් කතුන්ගේ ඇඳුම් ගැලවීමේ බලය මැරයින් අතට (වීඩියෝ)

T

The Leader Desk

May 28, 2019 • 3:43 PM

මුස්ලිම් කතුන්ගේ ඇඳුම් ගැලවීමේ බලය මැරයින් අතට (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් තරුණයකු එම කාන්තාවට අමානුෂික අන්දමින් බැන වදිමින් ඇයගේ පළඳනාව ගැලවීමට උත්සහ කරද්දී එම බස් රථයේ ගමන්ගත් කිසිවකු හෝ විරෝධයක් නොදැක්වීම කැපිපෙනේ.
  • මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටය සමාජඡාලා මාධ්‍යන් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
  • ''මුස්ලිම් කාන්තාවන් සුළුතරයක් අඳින නිකාබය හෙවත් මුහුණ ඇතුළු මුළු ශරීරය ආවරණය කෙරෙන ඇඳුම තරම් වෙන කිසි ඇඳුමක් මෙතරම් ආන්දෝලනයකට තුඩුදී නැතිව ඇති.
  • ඒ කෙතෙක් ද යත්, ඇතැමුන් කියන පරිදි, එය පතිවත රැකීම සඳහා අඳින ඇඳුමක්ද, නැත්නම් සෙස්සන්ගේ අවධානය ඇද ගැනීම සඳහා අඳින ඇඳුමක්ද යන කුකුස කෙනෙකු තුළ ඇති වන තරම් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එක් තරුණයකු එම කාන්තාවට අමානුෂික අන්දමින් බැන වදිමින් ඇයගේ පළඳනාව ගැලවීමට උත්සහ කරද්දී එම බස් රථයේ ගමන්ගත් කිසිවකු හෝ විරෝධයක් නොදැක්වීම කැපිපෙනේ.

 pada1

                                                              මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටය සමාජඡාලා මාධ්‍යන් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ :

hijab 

ඇඳුමක් පිළිබඳ ප්‍රශ්නයක් ආගමක් මත පැටවෙන විට :

මේ අතර මුස්ලිම් කාන්තාවන්ගේ ඇතැම් ඇඳුම් පැළදුම් වලට එරෙහිව මේවනවිට මතුව ඇති කතිකාව පිළිබඳව 2019 මැයි 27 වැනි දා 'ඩේලි මිරර්' පුවත්පතේ “Niqab When Religion Becomes a matter of Attire" ශීර්ෂයෙන් යුතුව අසීෆ් හුසේන් විසින් ලිපියක් පලවී ඇති අතර එහි සිංහල පරිවර්තනය පහත පළවේ.

 

පතිවත රැකීම සඳහා ද, සෙස්සන්ගේ අවධානය ඇද ගැනීම සඳහාද ?

''මුස්ලිම් කාන්තාවන් සුළුතරයක් අඳින නිකාබය හෙවත් මුහුණ ඇතුළු මුළු ශරීරය ආවරණය කෙරෙන ඇඳුම තරම් වෙන කිසි ඇඳුමක් මෙතරම් ආන්දෝලනයකට තුඩුදී නැතිව ඇති. එම ඇඳුම අඳින්නේ ගැහැනුන්ගෙන් ඉතා සුළුතරයක් වුවත් එය විශේෂයෙන් කැපී පෙනෙන ඇඳුමක් නිසා කාගේත් අවධානයට ලක්වෙයි. ඒ කෙතෙක් ද යත්, ඇතැමුන් කියන පරිදි, එය පතිවත රැකීම සඳහා අඳින ඇඳුමක්ද, නැත්නම් සෙස්සන්ගේ අවධානය ඇද ගැනීම සඳහා අඳින ඇඳුමක්ද යන කුකුස කෙනෙකු තුළ ඇති වන තරම් ය.

කෙසේ වෙතත්, අද පවතින හදිසි නීති රෙගුලාසි ඉවත් වූ පසු නැවතත් මේ ඇඳුම පිළිබඳ ප්‍රශ්නය කරලියට එනු ඇත. අප කවුරුත් දන්නා පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් පසු, ජාතික ආරක්ෂාව සඳහා පනවා ඇති හදිසි නීති රෙගුලාසි යටතේ, කෙනෙකුගේ අනන්‍යතාව සඟවන ඕනෑම මුහුණු ආවරණයක් තහනම් කරනු ලැබ තිබේ.

එය, ආරක්ෂාව පිළිබඳ ඉතා වලංගු කාරණයක් වන අතර, මුස්ලිම් ප්‍රජාවගේ සහායත් ඊට ලැබුණි. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය විද්වතුන්ගේ උත්තරීතර සභාව වන 'සමස්ත ලංකා ජමියාතුල් උලමා' සංවිධානයත් ඊට සහාය දුන්නා පමණක් නොව, එම ඇඳුම ඇඳීමෙන් වැළැකී සිටින්නැයි මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද නිකුත් කෙළේය.

 

පරමාදර්ශී කැමැත්තට ඉඩ නොදෙන සාධක:

කෙසේ වෙතත් දැන් ප්‍රශ්නය වන්නේ, තහනම පැනවූ හේතුව අවසන් වූ පසුවත් එම තහනම පවතීවි ද යන්නයි. තර්ජනය අවසන් වූ පසුව මුස්ලිම් කාන්තාවන් නැවත මේ ඇඳුම අඳින්නට පටන් ගත්තොත් නැවතත් එම විරෝධය පැන නගීවි ද යන්නයි. මේවා, බරසාර පිළිතුරු අවශ්‍ය කරන ප්‍රශ්න වශයෙන් පවතී.

මගේ පුද්ගලික මතය වන්නේ, නිකාබ් ඇඳුම, වෙනත් කාරණා සම්බන්ධයෙන් වාගේම, කෙනෙකුගේ පුද්ගලික තේරීමක් වශයෙන් තිබිය යුතු බවයි. එහෙත් මගේ පරමාදර්ශී කැමැත්තට ඉඩ නොදෙන සාධක ගණනාවක් තිබේ. මෙහිදී මගේ සාකච්ඡාවට ලක්වන්නේ එම කරුණු ය.

මුලින්ම, ඇතැම් අන්තවාදී ඉස්ලාම් බුද්ධිමතුන් කියන පරිදි, මේ ඇඳුම ආගමෙන් අනිවාර්ය කෙරෙන දෙයක් ද? ඇත්තෙන්ම, ආගම පිළිබඳ භක්තිමත් කාන්තාවන් මේ ඇඳුම වෙත ආකර්ශනය වීමට හේතු වී ඇත්තේ ද, ආගමේ එවැනි අනිවාර්ය කොන්දේසියක් ඇතැයි යන විශ්වාසයයි. එබැවින් එය කොතොක් දුරට නිවැරදිදැ යි අපි සලකා බලමු.

 

ආගමික පදනම

ගැහැනුන්ට සේම පිරිමින්ටත් සුදුසු ඇඳුම පිළිබඳ නිර්දේශයක් ඉස්ලාම් දහමේ තිබේ. පිරිමි සම්බන්ධයෙන් ගත් විට ඇඳුමෙන් ආවරණය විය යුත්තේ අවම වශයෙන් තුණටියේ සිට දණහිස දක්වා කොටස බව ආගමේ කියැවයි. ගැහැනුන් සම්බන්ධයෙන් ගත් විට, මුහුණ සහ දෑත් හැරුණු කොට මුළු ඇඟම ආවරණය කළ යුතු වෙයි.

නෑයෙකු නොවන පිරිමියෙකු ඉදිරියේ සිටින විට, මුහුණ සහ අත් හැරුණු කොට මුළු සිරුර වැසෙන ඇඳුමක් ගැහැනියක් හැඳ සිටිය යුතු බව මහම්මද්තුමා පැහැදිලිවම කියා තිබේ. මහම්මත්තුමාගේ බිරිඳ අයිෂා කියා ඇති පරිදි, වරක් ඇගේ සොයුරිය ඇස්මා තුනී ඇඳුමක් හැඳගෙන පැමිණි අවස්ථාවක මහම්මත්තුමා මෙසේ කී බව සඳහන් ය: ''ඕ, ඇස්මා. ගෑනියෙක් වැඩිවිය පත්වුණාට පස්සේ, මේවා සහ මේවා ඇරෙන්න ඇෙඟ් වෙන කිසි කොටසක් පේන්න අඳින්න සුදුසු නැහැ'' කියා, මුහුණ සහ දෑත් පෙන්වා ඇත. (අබු ඩාවුඩ්).

කෙසේ වෙතත්, ලජ්ජාබය නිසා ඊට වඩා වැඩි කොටසක් ආවරණය සේ හැඳීම ගැහැනියකගේ කැමැත්ත පරිදි තීරණය කළ හැකි වේ. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ එය අනිවාර්ය දෙයක් ද යන්නයි. ඉස්ලාම් ධර්මය පිළිබඳ කීර්තිමත් විද්වතෙකු වන ෂීක් නසුරුදීන් අල්-අල්බානි ඔහුගේ ''ජිල්බාබ් අල්-මාරාහා අල්-මුස්ලිමා'' (1996) නැමැති කෘතිය තුළ ඒ පිළිබඳ තමන් කළ දීර්ඝ අධ්‍යයනයක් දක්වා තිබේ. සාමාන්‍ය මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය වන සේ හැඳිය යුතු බව ඉස්ලාම් ආගමේ අනිවාර්ය කොට නැතැයි බොහෝ සාක්ෂි ඉදිරිපත් කරමින් ඔහු එහිදී පෙන්වා දෙයි.

කුරාණයේ සඳහන් කරුණුවලින් ද පෙනී යන්නේ එවැනි අනිවාර්ය කිරීමක් නැති බවයි. එහි එක් ගාථාවක මෙසේ සඳහන් වෙයි: ''අදහන පිරිමින්ට කියන්න, බ්‍රහ්මචර්යාව සිහියේ තියාගෙන බැල්ම පහත හෙලන්න කියලා. එය ඔවුන්ගේ පාරිශුද්ධත්වයට අත්‍යාවශ්‍යයි. ඔවුන් කරන සෑම දෙයක්ම දෙවියන් වහන්සේ දනිති. අදහන ගැහැනුන්ට කියන්න, බ්‍රහ්මචර්යාව සිහියේ තියාගෙන බැල්ම පහත හෙලන්න කියලා. ඔවුන්ගේ ශෝභාව අවශ්‍ය පමණට වඩා ප්‍රසිද්ධියේ නොපෙන්වන්න කියලා.'' (සූරා අන්-නූර්: 30-31). නොදන්නා ගැහැනුනු ඉදිරියේ බැල්ම පහත හෙලාගෙන ඉන්නැයි පිරිමින්ට කියා තිබීමෙන් පෙනී යන්නේ, ගැහැනුන්ගේ මුහුණු ආවරණය කිරීමක් අනිවාර්ය කෙරී නැති බවයි.

එසේ නොවන්නට, පිරිමින් සම්බන්ධයෙන් කුරාණය තුළ එවැනි නියෝගයක් කිරීමේ තේරුමක් නැත. ඉහත කී ගාථාවේ සදහන් වන 'අවශ්‍ය පමණට වඩා' යන්නෙන් අදහස් වන්නේ කුමක්දැ යි මහම්මත්තුමා සමීපයේ සිටි ප්‍රකට පුද්ගලයෙකු වන ඉබන් අබ්බාස්ගෙන් ඇසූ විට ඔහු කීවේ, ''ඒ කියන්නේ, අත් සහ මුහුණ'' යන්නයි. (අල් මුසන්නාෆ්, ඉබන් අබි ෂයිබා, සුනාන් අල්-කුබ්රා, බයි හකි).

ශුද්ධ වූ කුරාණය පරිවර්තනය කළ මුෂින් කාන් සහ තකියුදීන් හිලාලි තමන්ගේ පරිවර්තන තුළ වරහන් යොදා තමන්ගේ මත ඒ තුළට ඔබ්බවා ඇත. සූරා අන් නූර් හි 31 වැනි ගාථාවේ එය දැක ගත හැකිය: ''අදහන ගැහැනුන්ට කියන්න ඔවුන්ගේ බැල්ම පහත හෙලාගෙන ඔවුන්ගේ පෞද්ගලික අංග (අනීතික ලිංගික කාර්යයන්ගෙන්) ආරක්ෂා කරගන්න කියලා. අත්‍යාවශ්‍යයෙන් ඇඳුමට පිටින් ඇති දේට (අත්ල සහ පාර බලා ගැනීමට එක ඇහැක් හෝ ඇස් දෙකම) වැඩි දෙයක් නොපෙන්වන ලෙසත්, (ශරීරය, මුහුණ, ඛෙල්ල, පපු පෙදෙස) නොපෙනෙන ලෙස වැස්මක් පළඳින ලෙසත් කියන්න.''

මෙසේ වරහන් තුළ තමන්ගේ අදහස් දැක්වීම ආචාර සම්පන්න නොවේ. අදාළ ගාථාව පිළිබඳ විවරණයක් කිරීමට පරිවර්තකයන්ට අවශ්‍ය කෙළේ නම්, වෙනත් එවැනි තැන්වල කරන්නා සේ තමන්ගේ පෞද්ගලික අදහස් වශයෙන් ඒවා පාද සටහන් සේ ඇතුළත් කිරීමට පුළුවන් කම තිබුණි. එසේ නොමැතිව මෙසේ කුරාණයේ අන්තර්ගතය තුළටම ඒ අදහස් කූට ආකාරයෙන් ඇතුළත් කිරීමෙන්, ගැහැනු වේල් පොටක් පැළඳිය යුතු බවක් කුරාණයේම සඳහන් වන බවට හැඟීමක් පුහුදුන් ගැහැනුන් තුළ ඇති කිරීමට සලස්වා ඇත. දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ චවන තුළට මෙසේ තමන්ගේ මතය එබ්බවීම දේවාපහාසයකට අඩු දෙයක් නොවේ.

මීට සමාන තත්වයක් ශ්‍රී ලංකාවේත් දක්නට තිබේ. මගේ යහළුවෙක් මට කී පරිදි, කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මුස්ලිම් කාන්තා විද්‍යාලයක උගන්වන ඔහුගේ දියණියට එම විද්‍යාලයේ එක් ජ්‍යෙෂ්ඨ ගුරුවරියක් තදින් බලපෑම් කොට නිකාබය හඳින තත්වයට තල්ලූ කොට තිබේ. මගේ යහළුවා ඊට මොන තරම් විරෝධය දක්වා ඇති මුත් පලක් වී නැත. මේ ආකාරයෙන් නිකාබ් ඇඳුම ප්‍රචලිත කරවීම සඳහා ඇතැම් මුස්ලිම් කොටස් වෙනම ව්‍යාපාරයක් මේ වන විටමත් දියත් කොට ඇති බව පැහැදිලි ය.

 

නිකාබය බුද්ධිමත් අදහසක් ද?

නිකාබය කෙරෙහි ආශක්ත පිරිස් එය ප්‍රවර්ධනය කරන්නේ ගැහැනියගේ පතිවෘතාව රැක ගැනීමේ මාර්ගයක් වශයෙන් සහ පිරිමින්ගේ අනග බැල්මෙන් ඇයට වැළැකී සිටීමට පිළිවන් නිසා යැයි කියති. එහෙත් එය වැරදි මතයකි. දෙවියන් වහන්සේ කුරාණයෙන් අපට කියා දෙන්නේ අපේ බැල්ම පහත හෙලාගෙන සිටින ලෙසයි. අප එය අනුගමනය කළ යුතුවා මිස එම වරදේ බර ගැහැනියට පැටවිය යුතු නොවේ. මෙය, දේවල් පිළිබඳ යෝග්‍යත්වය උරගා බලන ක්‍රමයකි. ජීවිතය යනු, යදම් වශයෙන් පවතින නොයෙක් බැඳීම්වලට අප මුහුණදෙන්නේ කෙසේද යන්න පරීක්ෂාවට ලක්කෙරෙන ගමනකි. එහිදී ඔහු හෝ ඇය බොරු වළවල්වල නොවැටී සිටී නම්, ඔහු හෝ ඇය නිවැරදි මාවතේ යන්නේ යැයි ගත යුතුය.

තවද, ගැහැනු මුළු සිරුරම ආවරණය කරගෙන සිටින සමාජවල අනන්තවත් අපචාර සහ අනාචාරකම් සිදුවන බව නිරීක්ෂණය කොට තිබේ. එසේ වන්නේ, එවැනි සමාජයක නිර්නාමිකත්වයක් ඉබේ සැපයෙන බැවිනි. මෙය ගැහැනියගේ 'විමුක්තියකැ' යි ද සමහරු පෙන්වා දෙති. මන්ද යත්, එසේ මුළු සිරුරම වසාගෙන සිටින ගැහැනියකට, තමාගේ ස්වාමි පුරුෂයාට හසු නොවී අනාචාරයේ යාමේ පූර්ණ ආරක්ෂාවක් ඒ මගින් සැපයෙන නිසාවෙනි. එබැවින්, නිකාබය හැඳීම ඇත්තෙන්ම පතිවෘතාව සහතික කරලීමේ අර්ථවත් මාර්ගයක් ද යන්න ප්‍රශ්න කළ යුතුය.

එසේ තිබියදී, අපේ සමාජයෙන් බහුතරයකගේ අවඥාවට මේ ඇඳුම අද පත්ව ඇති බව අපට පෙනේ. සමහර සාප්පුවල සහ පාසල්වල දැනටමත්, 'නිකාබ් තහනම්, බුර්කා තහනම්' ආදී වශයෙන් දැන්වීම් පුවරු ගසා තිඛෙනු අපට පෙනේ. එසේ හැඳගෙන යන ගැහැනුන් දෙස සෙස්සන් අද බලන්නේ වෙනත් ලෝකයකින් පැමිණි ජීවීන් පිරිසක් දෙස බලන්නා සේ ය.

මෙය, මධ්‍යතන යුගයේ යුදෙව් මිනිසුන් දෙස සමාජය බැලීමට පුරුදුව සිටි තත්වයට සමානත්වයක් දරයි. මෙයින් කෙරෙන්නේ, සෙසු සමාජයෙන් තමන්ව වෙන් කර තබා ගැනීමකි. එහි ප්‍රතිඵල ඉතා හානිකර විය හැකිය. එසේ හෙයින්, මෙවැනි ඇඳුමක් කිසි දවසක ඉස්ලාම් ආගම විසින් අනිවාර්ය කරති යි සිතා ගත නොහේ. ඉස්ලාම් යනු හදවත් දිනා ගැනීම මිස පලවා හැරීම නොවේ.

(සිංහල පරිවර්තනය 'යහපාලනය ලංකා' අනුග්‍රහයෙනි )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...