The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

ප්‍රසව හා නාරි විශේෂඥවරුන් වැඩිම සංඛ්‍යාවක් සිටින පක්ෂය !

T

The Leader Desk

May 29, 2019 • 3:02 AM

ප්‍රසව හා නාරි විශේෂඥවරුන් වැඩිම සංඛ්‍යාවක් සිටින පක්ෂය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුස්ලිම් ජාතික ප්‍රසව හා නාරි විශේෂඥවරුන්ට එරෙහිව අන්තවාදීන් කල්ලි කණ්ඩායම් විසින් ගෙනයන ප්‍රචාරයන්ට අනුබල දෙමින්, රාජපක්ෂවරුන් ගර්භනී මව්වරුන් සම්බන්ධයෙන් විශේෂඥ මත පළකිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර තිබේ.
  • පැලෝපිය නලයේ පියා හෙවත් පැලොපියා : චන්න ජයසුමන පැලෝපිය නාල සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ විශේෂඥ දැනුම අවධාරණය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මාධ්‍යවේදී රුවන් නෙලූ සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ, පැලෝපිය නලයේ පියා හෙවත් පැලොපියා මහාචාර්ය චන්න ජයසුමන බවයි.
  • අසීමිත දේපල උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් විසින් සිංහල මවුවරුවන් වඳ කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවන් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින බවට පළමුවරට 'කිලිපොලායන සාක්‍ෂි සහිත' හෙලිදරව්වක් කළේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයි.
  • මේ අතර පාස්කු ඉරිදා (21) ප්‍රහාරයෙන් පසු මාධ්‍ය 'චරිතයක් බවට පත් සහාරන් අභිබවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් 'මාධ්‍ය චරිතයක්' ලෙස ඉස්මතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මුස්ලිම් ජාතික ප්‍රසව හා නාරි විශේෂඥවරුන්ට එරෙහිව අන්තවාදීන් කල්ලි කණ්ඩායම් විසින් ගෙනයන ප්‍රචාරයන්ට අනුබල දෙමින්, රාජපක්ෂවරුන් ගර්භනී මව්වරුන් සම්බන්ධයෙන් විශේෂඥ මත පළකිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර තිබේ.

post 1

 

පැලෝපිය නලයේ පියා හෙවත් පැලොපියා : චන්න ජයසුමන

පැලෝපිය නාල සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ විශේෂඥ දැනුම අවධාරණය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මාධ්‍යවේදී රුවන් නෙලූ සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ, පැලෝපිය නලයේ පියා හෙවත් පැලොපියා මහාචාර්ය චන්න ජයසුමන බවයි.

post 2

අසීමිත දේපල උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් විසින් සිංහල මවුවරුවන් වඳ කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවන් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින බවට පළමුවරට 'කිලිපොලායන සාක්‍ෂි සහිත' හෙලිදරව්වක් කළේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයි.

වීඩියෝ

 

ෂාෆි විසින් සහරාන් අඟුටුමිට්ටෙක් කරලා !

මේ අතර පාස්කු ඉරිදා (21) ප්‍රහාරයෙන් පසු මාධ්‍ය 'චරිතයක් බවට පත් සහාරන් අභිබවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් 'මාධ්‍ය චරිතයක්' ලෙස ඉස්මතුව ඇත.

ඒ එම වෛද්‍යවරයා විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000 කට අධික පිරිසක් වඳභාවයට පත් කළ බවට 'දිවයින' සිය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කිරීමත් සමගය. එම කාරණය නිහාල් රත්නායක සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.

Post 3 

 

එස් බීගේ තවත් හෙළිදරව්වක් :

මේ අතර කලක් ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනීසිටි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක පවසන්නේ,
පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බවයි.

මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී හෙළි කර සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...