The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

මලික් හා සාගල කැබිනට්ටුවේදී ගැටෙති : ඇත්ත හේතුව මෙන්න

T

The Leader Desk

May 29, 2019 • 3:37 AM

මලික් හා සාගල කැබිනට්ටුවේදී ගැටෙති : ඇත්ත හේතුව මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමැති මලික් සමරවික්‍රම මහතා කර ඇති ඉල්ලීමක් වරාය ඇමැති සාගල රත්නායක මහතා විසින් ඊයේ (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
  • එහිදී මලික් සමරවික්‍රම හා සාගල රත්නායක යන ඇමැතිවරුන් දෙදෙනා අතර උණුසුම් වාදයක්ද ඇති වූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
  • ගෙදරදීම විසඳ ගත්තනම් හොදයි ..'' යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද වාර්තා වේ.
  • යකඩ කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රීතව ආරම්භ කිරීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉඩම් කොටසක් ඉල්ලා ඇති අතර එය ලබා දිය නොහැකි බව සාගල රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව දැනගන්නට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමැති මලික් සමරවික්‍රම මහතා කර ඇති ඉල්ලීමක් වරාය ඇමැති සාගල රත්නායක මහතා විසින් ඊයේ (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී මලික් සමරවික්‍රම හා සාගල රත්නායක යන ඇමැතිවරුන් දෙදෙනා අතර උණුසුම් වාදයක්ද ඇති වූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

දෙදෙනා අතර වචන හුවමාරු සිද්දවෙද්දි ‘‘පවුලේ ප්‍රශ්නයක් .. ගෙදරදීම විසඳ ගත්තනම් හොදයි ..'' යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද වාර්තා වේ.

යකඩ කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රීතව ආරම්භ කිරීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉඩම් කොටසක් ඉල්ලා ඇති අතර එය ලබා දිය නොහැකි බව සාගල රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව දැනගන්නට තිබේ.

මේ අවස්ථාවේ ආයෝජන අඩු බැවින් එම ඉඩම ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස හා මංගල සමරවීර යන ඇමැතිවරුන්ද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි, සාගල රත්නායක ඇමැතිවරයාගේ විරෝධය හේතුවෙන් කැබිනට් සංදේශය අනුමත නොවූ බවද එම ආරංචි මාර්ග කියයි.

 

කොන්තරයට හේතුව මලික්, රනිල්ට කියපු කතාවද ?

මේ සම්බන්ධයෙන් 'දී ලීඩර්' කල විමසීමකදී අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මෙසේ කැබිනට් මණ්ඩලයේදී 'පුපුරා ගියේ' මලික් සමරවික්‍රම මහතා සම්බන්ධයෙන් වූ වෙනත් කෝන්තරයක් බවයි.

ඔහු සඳහන් කර පරිදි, අගමැතිවරයාගේ සමීපතම මිතුරකු වන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා අගමැතිවරයා පෞද්ගලිකව හමුවී එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ගෞරවාන්විතව ඉවත්වී ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂයේ ජනප්‍රිය වෙනත් අයකු නම් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ. එහිදී මලික් සමරවික්‍රම මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පාක්ෂිකයින් තුල හා රටේ ජනතාව අතර තිබෙන අප්‍රසාදය සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.

කෙසේවුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ එජාප මන්ත්‍රීවරුන් සියලුදෙනාම පාහේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස තමාගෙන් ඉල්ලා සිටින බවත් තමාට නියත ජයග්‍රහණයක් අත්කර ගත හැකිබව ඔවුන් තුල දැඩි විශ්වාසයක් ඇති බවත්ය.

කරු ජයසුරිය මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට පාක්ෂිකයින් තුල හෝ රටේ ජනතාවගේ විශ්වාසයක් නැතැයි ද අගමැතිවරයා මෙහිදී ඇමති මලික් සමරවික්‍රම මහතාට දැඩි ලෙස කියා ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

 

ඩිජිටල් මිඩියා නැගෙණිය යටතට !

ඉදිරි ජනාධිපතිවරණයට කෙසේහෝ ඉදිරිපත්වන බවට දැඩි තීරණයක් ගෙන ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුගේ ජනාධිපතිවරණ සටන මෙහෙයවීම ඇමති සාගල රත්නායක මහතාට පවරා ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ ඩිජිටල් මිඩියා මෙහෙයුම සිය නැගෙණිය වන ශානිකා වික්‍රමසිංහ මහත්මිය වෙත පවරා තිබේ.

ඒ එම වගකීම ඉටුකළ ඔහුගේ සොයුරු නිරාජ් වික්‍රමසිංහ මහතා ඉවත්කරමිනි. එසේම, අමාත්‍ය අකිල විරාජ් මහතාගේ සමිපතයකු වන තුෂාර වන්නිආරච්චි මහතා ද වහාම ක්‍රියාත්මක වන පරිදි අරලියගහ මන්දිර සමාජ මාධ්‍ය ඒකකයෙන් ඉවත්කර ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද සිය ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක කටයුතු ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා මහත්මිය වෙත පැවරීමට පියවර ගෙන ඇති අගමැතිවරයා, සමන් අතාවුදහෙට්ටි මහතා මාධ්‍ය ආවරණ කටයුතු වලට පමණක් සිමා කර ඇතැයි ද අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

 

සබැඳි පුවත් :

ඉරාන් ගෙන් රනිල්ට ටොක්කක් ! -''පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ'' (VIDEO)

රනිල්ට ඉවත්වන්නැයි ලිපියක් යැව් වැලිගම නගරාධිපති එජාපයෙන් දොට්ට !

රනිල් එලවන්න දකුණෙන් කැරැල්ලක් ! - වැලිගම සභාපතිගේ ලිපියට රෝසිගේ ප්‍රතිචාරය මෙන්න

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...