The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

මුදල් අමාත්‍යාංශ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අත්අඩංගුවට ගැනීමේ ඇත්ත කතාව

T

The Leader Desk

May 29, 2019 • 9:17 AM

මුදල් අමාත්‍යාංශ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අත්අඩංගුවට ගැනීමේ ඇත්ත කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මල්වාන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ උණ්ඩ 93ක් සොයා ගත් බවයි.
  • 'ද ලීඩර්' මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අලී හසන් මහතාගේ පුත්‍රයකු පවසා සිටියේ, ආරක්ෂක අංශ විසින් අද උදැසන මල්වාන ප්‍රදේශයේ නිවෙස් සොදිසිකල අවස්ථාවේදී සිය නිවස ද පරික්ෂා කළ බවයි.
  • එ් අවස්ථාවේ සිය නිවසේ සිවිලිමේ තිබි බොර තුවක්කුවක උණ්ඩ සොයාගත් බවයි.
  • දැන් සීයා මියගිහින් වසර 17කට වැඩියි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මල්වාන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ උණ්ඩ 93ක් සොයා ගත් බවයි.

'ද ලීඩර්' මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අලී හසන් මහතාගේ පුත්‍රයකු පවසා සිටියේ, ආරක්ෂක අංශ විසින් අද උදැසන මල්වාන ප්‍රදේශයේ නිවෙස් සොදිසිකල අවස්ථාවේදී සිය නිවස ද පරික්ෂා කළ බවයි. එ් අවස්ථාවේ සිය නිවසේ සිවිලිමේ තිබි බොර තුවක්කුවක උණ්ඩ සොයාගත් බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද පැවසිය.

“මේ ගෙදර අපේ සීයාගේ. ඒ කියන්නේ, අපේ අම්මගේ තාත්තා. අපේ සීයාට බොර තුවක්කුවක් තිබිලා තියනවා. 88-89 භීෂණ කාලයේ සීයා ඒ තුවක්කුව පොලිසියට බාරදීලා. දැන් සීයා මියගිහින් වසර 17කට වැඩියි. අපේ තාත්තා මේ නිවසට ඇවිත් තියන්නේ පස්සේ කලෙක, අම්මව බැන්දට පස්සේ.

සීයා ඒ තුවක්කුවට අදාළ උණ්ඩ වහලේ සඟවලා තිබුණා කියලා අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අද උදේ අපේ මාමලා ඇවිත් ආරක්ෂක අංශවලට කීවා සීයාට තුවක්කුවක් තිබුණා, ඒක පොලිසියට බාරදුන්නා කියලා. තාත්තා ඒ කියනකොටත් ඒ ගැන දැනගෙන ඉඳලා නැහැ.

අපි ආරක්ෂක අංශවලට කිවා මේවා අලුත් උණ්ඩ ද ? පරණ උණ්ඩ ද කියලා හොයා බලන්න කියලා. අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ.''

මෙම උණ්ඩ වසර 35ක් හෝ 40ක් පමණ පරණ බව අපි දන්නවා. ඒත් ඒ පිළිබඳ ඉක්මනින් පරීක්ෂණයක් සිදුකොට රටට ඇත්ත ප්‍රකාශ කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුදල් අමාත්‍යාංශ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අත්අඩංගුවට ගැනීමේ ඇත්ත කතාව | The Leader