The Leader News
BREAKING
කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය හෙළිදරව්ව - 'කොබෙයි නෙතක ලේ කඳුලක්' නොවැ.12●පාර්ලිමේන්තු සේවයට දේශපාලන ඇඟිලි ගැසීම් බෑ: නීතිය හමුවේ ප්‍රබල තර්කයක්●ක්‍රෙස්කැට් ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය: කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයෙන් හලයි●පොලිස්පතිට දුන් නියෝගයෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක් !●රුපියල් ට්‍රිලියනයක බදු සහන සහ රේගු අධීක්ෂණයේ බරපතළ හිඩැස●කොළඹ ඉඩම් මිල සහ බිලියන 2,000ක බැංකු අවදානම●විදෙස් මත්පැන් බදු සහනයෙන් රජයට පාඩුවක්: IMF අනතුරු අඟවයි●විදුලි බිලට එකතු කරන්න ගිය බිලියන ගණනක අමතර බර●ඇපල් යතුරුපුවරුවේ රහස් වචන ලැයිස්තුව: දේශපාලන යෙදුම්වලටත් බලපෑම්●'සිතියම් සහිත පුරා විද්‍යාව' නව මුද්‍රණය 07වනදා ජනගත කරයි●
Top Ad
පුවත්

' බුද්ධි අංශ පාවාදීමක' - ආරක්‍ෂක ප්‍රධානීන් විරෝධය පළකරති !

T

The Leader Desk

May 30, 2019 • 3:29 AM

 ' බුද්ධි අංශ පාවාදීමක' -  ආරක්‍ෂක ප්‍රධානීන් විරෝධය පළකරති !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙරට ආරක්ෂක අංශ භාර ඉහළ බලධාරීන් කිහිප දෙනෙකු ම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙමගින් මෙරට සක්‍රීය බුද්ධි අංශ ඉතාමත් දරුණු ලෙස හෙළිදරව් වී අවධානමකට පත්වන බවයි.
  • රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඊයේ දිනයේ මෙම කමිටුව හමුවේ කැඳවා ප්‍රශ්න කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත තම දැඩි නොසතුට පළකර ඇත.
  • ඒකාබද්ද විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කර ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම කමිටුව නියෝජනය කරති.
  • පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වීමට විරෝධය පළකරමින් සමාජ මාධ්‍යය වල පලවී ඇති පොස්ටු කිහිපයක්.
අකුරු ප්‍රමාණය (Font Size):



ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙරට ආරක්ෂක අංශ භාර ඉහළ බලධාරීන් කිහිප දෙනෙකු ම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙමගින් මෙරට සක්‍රීය බුද්ධි අංශ ඉතාමත් දරුණු ලෙස හෙළිදරව් වී අවධානමකට පත්වන බවයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඊයේ දිනයේ මෙම කමිටුව හමුවේ කැඳවා ප්‍රශ්න කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත තම දැඩි නොසතුට පළකර ඇත.

ඉදිරි දින කිහිපයේදී ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් වීමට නියමිත බවත් එහිදී බුද්ධි අංශ නිලධාරීන් කොතරම් ප්‍රමාණයක් ප්‍රශ්න කරාවිදැයි නොදන්නා බවත් පෙන්වා දී ඇති ඔවුන් මාධ්‍ය ඉදිරියේ සිදුකරන මෙම ප්‍රශ්න කිරීම් පසුගිය කලෙක 'මිලේනියම් සිටි' සිදුවීමේදී බුද්ධි අංශ පාවාදීමට එහාගිය පාවාදීමක් බවද පවසා තිබේ.

යම් ප්‍රකාශයක් ගැනීමට ඇති නම් ඕනෑම බුද්ධි නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට විරෝධයක් නැති නමුත් එය කල යුත්තේ රාජ්‍ය ආරක්ෂාව ප්‍රමුඛව සලකා බලා බවත් බුද්ධි නිලධාරීන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ නිරාවරණය කිරීම හා ඔවුනගෙන් අතිශය රහසිගත තොරතුරු ගැන ප්‍රශ්න කිරීම් කිරීම නුසුදුසු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

ජාත්‍යන්තර ත්‍රරස්තවාදී සංවිධානයට එරෙහිව ඉතා අවදානම් සහගත බුද්ධි තොරතුරු රැස් කිරීමක යෙදෙමින් සිටින මෙරට බුද්ධි නිලධාරීන් මේ ආකාරයෙන් මාධ්‍ය හරහා හෙළි කිරීම මගින් ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් කරවමින් ඇතැයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කර ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම කමිටුව නියෝජනය කරති.

Ranil2
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වීමට විරෝධය පළකරමින් සමාජ මාධ්‍යය වල පලවී ඇති පොස්ටු කිහිපයක් ...



ජනාධිපති - අගමැති ගැටුම දුරදිගයයි !


මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඊයේ කටයුතු සිදුවූ ආකාරය සම්බන්ධයෙන් බලවත්සේ කෝපයට පත්ව සිටින ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාට දුරකථන ඔස්සේ දැඩි ලෙස දෝශාරෝපනය කලබව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

අනතුරුව පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශය වහාම අත්හිටුවීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබිණ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...