The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

වඳ සැත්කම් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා අත්අඩංගුවට !

T

The Leader Desk

May 30, 2019 • 3:45 AM

වඳ සැත්කම් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා අත්අඩංගුවට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ, බලහත්කාර වඳ සැත්කම් 4000ක් කරනවිට ශල්‍යාගාරයේ අදාල සිසේරියන් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා වහා අත්අඩංගුවට ගත යුතු බවයි. ඒ සම්බන්ධයෙන් ඔහු සිය FB පිටුවේ මෙසේ සටහන් කර තිබේ.
  • ''ඔවුන් හැමෝම දැනුවත්ව එය සිදුවිය යුතුව ඇත.
  • එසේ නැතිනම් ඔවුන් සිය වගකීම් නිසියාකාරව නොකර ඇත.
  • හාරදහසක් මව්වරුන් වඳ කර ඇතැයි තහවුරුවී ඇති බව හැඟෙන පරිදි පළවූ එම වාර්තාව ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එදින පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ අතර කතානායක කරු ජයසූරිය කියා සිටියේ එවන් පරීක්ෂණයක් ගැන දැනුවත් නැතැයි පොලිස් ප්‍රධානීන් තමන්ට දැනුම් දුන් බවය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ, බලහත්කාර වඳ සැත්කම් 4000ක් කරනවිට ශල්‍යාගාරයේ අදාල සිසේරියන් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා වහා අත්අඩංගුවට ගත යුතු බවයි. 

ඒ සම්බන්ධයෙන් ඔහු සිය FB පිටුවේ මෙසේ සටහන් කර තිබේ.

''ඔවුන් හැමෝම දැනුවත්ව එය සිදුවිය යුතුව ඇත. මෙතුවක් කල් කිසිදු පැමිණිල්ලක් නොකර සිටියේ එබැවින්ය. එසේ නැතිනම් ඔවුන් සිය වගකීම් නිසියාකාරව නොකර ඇත. අනෙකුන් වගකීම් හරියට කළේ නම් තනි පුද්ගලයෙකුට එවැනි හාස්කමක් කරන්නට නොහැක. ඒ සියල්ලන් අත්අඩංගුවට ගත යුත්තේ එබැවිනි.'

kusal



'දිවයින' කතාව : 'සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා'

සියාබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇතිවූයේ දිවයින පුවත්පත පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 23) "තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කරලා, සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ" යනුවෙන් පළකර තිබු ප්‍රධාන පුවතත් සමගය.

හාරදහසක් මව්වරුන් වඳ කර ඇතැයි තහවුරුවී ඇති බව හැඟෙන පරිදි පළවූ එම වාර්තාව ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එදින පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ අතර කතානායක කරු ජයසූරිය කියා සිටියේ එවන් පරීක්ෂණයක් ගැන දැනුවත් නැතැයි පොලිස් ප්‍රධානීන් තමන්ට දැනුම් දුන් බවය.

ඒ සමගම පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ එවන් කිසිදු පරීක්ෂණයක් පොලිසිය සිදුනොකරන බවය. අදාළ පුවත්පත් වාර්තාව සමබන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයකු සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පමණක් පරීක්ෂණ පවත්වන බවය.

ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි නමැති සැකකාර වෛද්‍යවරයා පසුගිය 25 වෙනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවය. 


සැක කටයුතු ලෙස මුදල් උපයා ගැනීම වරදක් නම් ....


ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති රසික කොටුදුරගේ පවසන්නේ, සැක කටයුතු ලෙස මුදල්  උපයා ගැනීම අත්අඩංගුවට පත් වියයුතු වරදක් නම් පාර්ලිමේන්තුවේ බහුතරය මේවනවිට සිටිය යුත්තේ අත්ඩංගුවේ බවයි.


Rasika


විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ හිතවතකු වන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට අනුව වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි සිය වෛද්‍ය දිවිය තුළ සිසේරියන් සැත්කම් 8,000ක් පමණ සිදුකර තිබේ.

මේ පිළිබඳව ආන්දෝලනයක් ඇතිවීමත් සමග වෛද්‍ය සාෆි තමන්ට සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු නැවත දරුවන් නොලැබුණු බවට මව්වරුන් රෝහලට පැමිණ තොරතුරු ලබාදුන් බව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව බදාදා (මැයි 29) වනවිට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. මේ අතර ඊයේ (29) දිනයේ ද  කුරුණෑගල රෝහල අසලදී සැකකාර වෛද්‍යවරයාට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි.


 107154777 4e779770 62b6 4288 b30b 9fcc2c8b247b
                                                                   කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතා..



දේශපාලකයින්, ආගමික නියෝජිතයින්, මෙන්ම විවිධ වෘත්තිකයින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරස්පර මත පළකරන බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට බීබීසී සිංහල සේවය ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ මතය විමසීමට ලක්කර තිබිණ.

පවතින නීති රාමුව සහ පරීක්ෂණ ක්‍රියාත්මක වන පසුබිමක උක්ත සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම බොහෝ විශේෂඥ වෛද්‍යවරු ප්‍රතික්ෂේප කර තිබු නමුත්, ශ්‍රී ලංකාව තුල සිසේරියන් සැත්කම් සඳහා පවතින ප්‍රවණතාව මෙන්ම එවැනි සැත්කමක් අතරතුර ඉන්ද්‍රියන් හානි කිරීමකට ලක්විය හැකිද නොහැකිද යන්න පිළිබඳව මෙසේ කරුණු පැහැදිළි කර තිබේ.


සිසේරියන් සැත්කමක් යනු කුමක්ද?

 107152159 gettyimages 103654406 594x594


ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ ඒ ඒ මව්වරුන්ගේ සෞඛ්‍යමය ස්වභාවය මත මෙන්ම වර්තමානයේ දී මව්වරුන්ගේ ඉල්ලීම් මත තමන් සිසේරියන් සැත්කම් සඳහා යොමුවෙන බවය.

"බොහෝ වෙලාවට ගර්භණී මවකට අධික රුධිර පීඩනය, දියවැඩියාව ඒ වගේම හෘදය වස්තුව ආශ්‍රිත රෝග පවතී නම් අපි සිසේරියන් සැත්කම් සඳහා යෝජනා කරනවා. එසේත් නැතිනම් දරුවා ටිකක් ලොකු නම්, හරහට සිටී නම් වගේ හදිසි අවස්ථා වලදී අපි මේ සැත්කම කරනවා. අලුත්ම ප්‍රවණතාව තමයි මවගෙන් ලැබෙන ඉල්ලීම මත අපි මේ සැත්කම සිදු කරනවා. මේ සැත්කමේදී විය හැකි හානි තිබෙනවා. බඩවැල කැපෙන්න පුළුවන්, අධික රුධිර වහනය, ආසාදන තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මේ සියලු දේ ගැන අපි මව්වරු දැනුවත් කරනවා," යනුවෙන් ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර විස්තර කළේය.

වෛද්‍යවරයා තවදුරටත් තහවුරු කළේ මෙම සැත්කම සඳහා පෙරට වඩා වැඩි ඉල්ලුමක් රට තුළ පවතින බවය.


සීසේරියන් සැත්කමක දී හිතාමතා මවට හානියක් කළ හැකිද ?


"සිසේරියන් නෙවි යම් හානියක් කරනවා නම් ඉන්ද්‍රියන්ට ඔව් හානි කළ හැකියි. සහායකගේ සහයෝගයත් ලැබෙනවානම් තවත් ලේසියි. නමුත් එලෙස හානි කළාද නැත්ද කියා නිවැරදිව සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම ගැබ් ගෙලෙන් "ඩයි" එකක් ගර්භාෂය තුළට විදලා බලන්න පුළුවන් ඒ "ඩයි" එක පැලෝපීය නාලය තුළින් යනවද කියලා. එය විකිරණ පරීක්ෂාවකට ලක් කළ යුතුයි. එතකොට අවහිරවීමක් තිබෙනවානම් එය පෙන්නුම් කරනවා . නමුත් ආසාදන තත්ත්වයන හමුවේ මෙන්ම තවත් හේතු මත මෙහෙම පැලෝපීය නාල අවහිර වෙනවා. ඉතින් මෙවැනි පරීක්ෂණයකින් කියන්න බෑ අනිවාර්යයෙන්ම ඕනෑකමින් යම් හානියක් සිද්ධ කළාද නැත් ද කියලා. නමුත් අවශ්‍යතාවක් තියනවනම් කාට හෝ යම් හානි කිරීමක් කරන්න උත්තරය ඔව් පුළුවන්," විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර වැඩිදුරටත් පැවසීය.

සාමාන්‍යයෙන් මවකට සිසේරියන් සැත්කම් තුනක් පමණක් සිදුකිරීමේ හැකියාව පවතින අතර ඉන් පසුව මවගේ අදහස විමසා වෛද්‍යවරු වන්ධ්‍යාකරණ සැත්කම් සඳහා යොමුවන ලෙසට මව්වරුන්ට උපදෙස් දෙනු ලැබේ.

එහිදී ද පැලෝපීය නාලය ගැට ගැසීමකට ලක් කරන බවද විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර සඳහන් කළේය. 


ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් ලු !


චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද සාමාජිකයෙකි.

ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔහුට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බව ඔහු සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...