The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

එජාප පසුපෙලින් වෙඩි මුරයක්! - ජනපති අපේක්ෂකයා රනිල් ද? සජිත් ද?

T

The Leader Desk

May 30, 2019 • 4:03 AM

එජාප පසුපෙලින් වෙඩි මුරයක්! - ජනපති අපේක්ෂකයා රනිල් ද? සජිත් ද? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ මඟින් ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුගේ නම් යෝජනා කොට තිබුණු බවද ඔහු කියා සිටියි.
  • තමාට මෙම මැතිවරණය ජයග්‍රහණය කල හැකි බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේම පාහේ අදහස වී ඇතැයි මෙහිදී පවසා ඇති අගමැතිවරයා, කරු ජයසුරිය මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව තුල එතරම් මනාපයක් නැතැයි ද සඳහන් කර තිබේ.
  • පක්ෂයේ මෙන්ම සුළු ජාතීන්ගේ හා සිවිල් සමාජයේ විශ්වාසය ඇත්තේ තමාට බව අගමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
  • එසේ තම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අවධාරණය කර ඇති අගමැතිවරයා, ඔහුගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරය අමාත්‍ය සාගල රත්නායක මහතාට පවරා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ මඟින් ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුගේ නම් යෝජනා කොට තිබුණු බවද ඔහු කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ මතය වී ඇත්තේ මෙවර ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයකු විය යුතු බවයි. 

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ඉතාමත් සුදුසු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන සුළු දේශපාලන පක්ෂවල අපේක්ෂාව බවත් එම ස්ථාවරය එම පක්ෂ විසින් නුදුරේම එක්සත් ජාතික පෙරමුණ වෙත නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


මලික්, අගමැතිය කියපු කතාව !


මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම මිතුරකු වන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා  අගමැතිවරයා පෞද්ගලිකව මුණගැසී, ඉදිරි ජනාධිපතිවරණය සඳහා එජාපයේ ජනප්‍රිය නායකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

තමාට මෙම මැතිවරණය ජයග්‍රහණය කල හැකි බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේම පාහේ අදහස වී ඇතැයි මෙහිදී පවසා ඇති අගමැතිවරයා, කරු ජයසුරිය මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව තුල එතරම් මනාපයක් නැතැයි ද සඳහන් කර තිබේ. පක්ෂයේ මෙන්ම සුළු ජාතීන්ගේ හා සිවිල් සමාජයේ විශ්වාසය ඇත්තේ තමාට බව අගමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

එසේ තම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අවධාරණය කර ඇති අගමැතිවරයා, ඔහුගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරය අමාත්‍ය සාගල රත්නායක මහතාට පවරා ඇත.


සජිත් ප්‍රේමදාස ඉල්ලා පසුපෙළ පෙරට ...


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එසේ තම හිතවතුන් ඒකරාශිකර ගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කර සිටියදී එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කල යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇත.

පසුගියදා මාධ්‍යය හමුවක් කැඳවා එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුයේ, මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වන බවයි.

මේ දිනවල ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක යයි නොයෙක් වාර්තා පළ වන බවද පැවසූ ඔහු කිසිසේත්ම මුදලාලි කෙනෙකුට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොදෙන බවද අවධාරණය කර සිටියේය.

ලබන ඔක්තෝබර් මාසය වන විට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කවුද මුළු ලෝකයටම දැක ගතහැකි බව තමන් වගකීමෙන් කියා සිටින බවද ඔහු පැවසීය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එජාප පසුපෙලින් වෙඩි මුරයක්! - ජනපති අපේක්ෂකයා රනිල් ද? සජිත් ද? | The Leader