The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කතාව සෝමහිමි ඝාතන කතාවට සමානයි - වික්ටර් අයිවන්

T

The Leader Desk

May 30, 2019 • 6:01 AM

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කතාව සෝමහිමි ඝාතන කතාවට සමානයි - වික්ටර් අයිවන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෝම හාමුදුරුවෝ අපවත් කිරීමේ කතාව සමාජ ගත කෙරුන ආකාරයට ම සමාන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසයි.
  • 'නග්න අරාජකත්වයක් කරා' යන ශීර්ෂයෙන් යුතුව වික්ටර් අයිවන් මහතා විසින් සිය FB පිටුවේ එබව සටහන් කර ඇත.
  • මා 2011 ජනවාරි වලදී "ලංකාව ගලවා ගැනීම "නමින් පොතක් ලීවා.
  • පොත පලවූයෙ 2011 දී වුවත් එය මා ලීවේ අභ්‍යන්තර යුද්දය අවසන් කිරීමෙන් පසු 2010 දී.
අකුරු ප්‍රමාණය (Font Size):

සෝම හාමුදුරුවෝ අපවත් කිරීමේ කතාව සමාජ ගත කෙරුන ආකාරයට ම සමාන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසයි.

සෝම හිමියන් ගේ සිද්ධියේ දී ගොතන ලද පච කතාව සමාජ ගත කිරීමේදී රූපවාහිනී ආයතන ඊට ආධාර කලේ කැමැත්තෙන්ම නොවන බවත් එය ඔවුන් බියකොට බලහත්කාරි අකාරයකට ලබාගත් ආවරනයක් බවත් පවසන වික්ටර් අයිවන් මහතා, එහෙත් මුස්ලිම් දොස්තර පිලිබද සිද්ධියේදී රූපවාහිනී නාලිකා කැමැත්තෙන්ම කරන දෙයක් ලෙස සැලකිය හැකි බවත් ඒ සදහා ඔවුන් අතර තරගයක් තිබෙන බවත් පෙන්වා දෙයි.

'නග්න අරාජකත්වයක් කරා' යන ශීර්ෂයෙන් යුතුව වික්ටර් අයිවන් මහතා විසින් සිය FB පිටුවේ එබව සටහන් කර ඇත. එම සටහන සම්පුර්ණයෙන් මෙසේය.

''මේ වනවිට ලංකාව තිබෙන්නෙ නග්න අරාජකත්වයක මුවවිට. මා එම යතාර්තය කල් තියා දකින්න සමත් වුනා. මා 2011 ජනවාරි වලදී "ලංකාව ගලවා ගැනීම "නමින් පොතක් ලීවා. පොත පලවූයෙ 2011 දී වුවත් එය මා ලීවේ අභ්‍යන්තර යුද්දය අවසන් කිරීමෙන් පසු 2010 දී. අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු රාජ්‍යයේත් සමාජයේත් ඇතිවී තිබුන පරිහානිය විග්‍රහ කරමින් නූතන ජාතිය ගොඩනගා ගනිමින් රාජ්‍ය ප්‍රතිනිර්මානය කරගන්නා තැනකට නොගියහොත් රට ලොකු අරාජකත්වයක ට යාම නොවැලැක් විය හැකි බව මා එහි පෙන්වා දී තිබෙනවා. පොත විකිනුනා.එහෙත් ප්‍රමානවත් විචාරයකට හෝ සමාජ සන්වාදයකට යොමුවුනේ නැහැ.

 

"ජාතියේ ඛේදවාචකය''

ඉන්පසු මා 2013 දී "ජාතියේ ඛේදවාචකය "නමින් පොතක් ලීවා.එහි ද ඉංග්‍රීසි පරිවර්තනයක් the tragic plight of a nation යන නමින් පලකලා. මා ඉන් විග්‍රහ කලේ ලංකාවේ චින්තනයේ දුගී භාවය හා එහි ප්‍රතිපලයක් ලෙස ලංකාව මහා අරාජකත්වයකට තල්ලුවීයම නොවැලකි හැකි බව.

සුසිල් සිරිවර්දන ඒ ගැන විචාරයක් ලියා තිබුනා. එය ලංකාවේ චින්තනය ගැන ලියවී තිබෙන හොදම පොත බව එහි සදහන් කර තිබුනා. . ප්‍රබාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීමට අවශ්‍ය ඉදිරි දැක්මක් හා ඒ සදහා වන ධෛය්‍යය රාජපක්ෂ ආන්ඩුවට තුබුනා. එහෙත් රාජ්‍ය යේ හා සමාජ යේ ඇතිවී තිබුන කුනුවීම තේරුම් ගෙන අවශ්‍ය කරන ව්‍යුහමය වෙනස් කම් දකින්න පුලුවන් ඉදිරි දැක්මක් තිබුනෙ නැහැ.

ඊට පස්සෙ බලයට එන යහපාලන ආණ්ඩුව රට අරාජකත්වය කරා යන ගමන පරිපූර්ණ කලා.19 වැනි සංශෝධනයෙන් විකෘති කර තිබුන ආණ්ඩුක්‍රමය පරිපූර්ණ විකෘතියටකට ලක්කලා. අප කිසියම් පිරිසක් එකට එකුතුවී පුනරුදය නමින් සමාජ ව්‍යාපාරයක් හදාගන්නා තැනකට යොමු වුනේ ඇතිවන්නට නියමීත අරාජකත්වය ගැන දීරග වශයෙන් කෙරුන සංවාදයක ප්‍රතිපලයක් වශයෙන්.

 

රට විනාශ කිරීමට හේතුවන පච :

ලංකාව රටක් වශයෙන් ඇදවැටී තිබෙන අවාසනාවන්ත තත්වයෙන් ගොඩ එන්න දන්නෙ නැතත් රට විනාශ කිරීමට හේතුවන පච නිර්මානය කොට එවා සමාජ ගතකරන්නට දක්වා තිබෙන දක්ෂතාවය නම් අතිවිශාලයි. ගන්ගොඩවිල සෝම හිමියන් අපවත් වූ අවස්තාවේදී එය ලංකාවේ ක්‍රිස්තියානි පල්ලිය විසින් ක්‍රියාවට නගන ලද සියුම් කුමන්ත්‍රණය ප්‍රතිපලයක් වශයෙන් සිදුවූ සාහාසික ඝාතනයක් ලෙස මවා පා එය සමාජ ගත කොට උපරිම දේසපාලන පලප්‍රයෝජන හිමි කරගැනීමට සමත් උනා.

ඒ මගින් භික්ෂුන් වහන්සේලා නව දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීන් බවට පත්වීමට සමත් වුනා. මා ඒ ගැන "පන්සලේ විප්ලවය "නමින් 2006 වසරේදී පොතක් ලියා පලකලා. එහි ඉංගීසි පරිවර්තනයක් ද revolt in the temple "නමින් පලකලා. ඒ පොත සෝම හිමියන් ගේ කාර්ය බාරය ගැන හා ඒ හිමියන් ගේ අපවත් වීම ආශිතව සන්විදානාත්මකව තනා සමාජ ගතක රන ලද මහා පච වැඩ සටහනට සීමාවු පොතක් නොව බෞද්ධ අයිතිවාසිකම් හා භික්ෂු දේසපාලන ය ගැන ලියන ලද පොතක් ලෙස සැලකිය හැකිය.

 

සිංහල මවුවරුන් 4000ක් වඳ කල මුස්ලිම් දොස්තර:

සිංහල මවුවරුන් 4000ක් වඳ කල මුස්ලිම් දොස්තරගේ කතාවේ හරි ඇත්ත තවමත් පැහැදිලි නැතත් ඒ කතාව සමාජ ගත කෙරමින් තිබෙන ආකාරය සෝම හාමුදුරුවෝ අපවත් කිරීමේ කතාව සමාජ ගත කෙරුන ආකාරයට සමානයි.

සෝම හිමියන් ගේ සිද්ධියේ දී ගොතන ලද පච කතාව සමාජ ගත කිරීමේදී රූපවාහිනී ආයතන ඊට ආධාර කලේ කැමැත්තෙන්ම නොවේ .එය ඔවුන් බියකොට බලහත්කාරි අකාරයකට ලබාගත් ආවරනයක්. එහෙත් මුස්ලිම් දොස්තර පිලිබද සිද්දියේදී රූපවාහිනී නාලිකා කැමැත්තෙන්ම කරන දෙයක් ලෙස සලකන්න පුලුවන්. ඒ සදහා ඔවුන් අතර තරගයක් තිබෙන බවද පෙනෙනවා.

ලංකාවේ රාජ්‍ය අයිතිහාසික අර්ථයෙන් ඉක්මන් අරාජකත්වයකට ගමන් ගනිමින් තිබෙනවා පනනක් නොව ජනතාව සිය කැමැත්තෙන් ඒ ගමනේ ක්‍රියාකාරි පන්ගුකාරයින් බවට පතව සිටින බවද පේනවා. ඔවුන් ඒ ගනනේ යෙදෙමින් සිටින්නේ මහත් ප්‍රීතියෙන් හා උද්දාමයකින්ද යුතුවය.

(සටහන - වික්ටර් අයිවන් මහතාගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)

chanel

(ප්‍රියන්ත හේවගේ- මාතලන් FB පිටුවෙන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...